Colombo Today Local News

මධූෂ් පිටුවහල් කරනවාද? නැද්ද? අවසන් තීරණය අද

පාතාල නායක මාකඳුරේ මධුෂ් ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරනවාද නැද්ද යන තීන්දුව ඩුබායි අධිකරණය මගින් අද (18) ලබාදීමට නියමිතව තිබෙනවා.

සිය ජීවිතයට තර්ජනයක් ඇති බැවින් තමන් ශී‍්‍ර ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණය වෙත නීතිඥයන් මාර්ගයෙන් පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර ශී‍්‍ර ලංකා පොලිසිය සහ ප‍්‍රතිවිරුද්ධ පාතාල කල්ලි තමන් ඝාතනය කිරීමට සැලසුම් කරගෙන සිටිනබවයි ඔහු එහිදී සඳහන් කර ඇත්තේ.

තමන් ශී‍්‍ර ලංකාව වෙත පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් ඉන්දීය නීතිඥයන් පිරිසක් හරහායි ඔහු ඩුබායි අධිකරණයෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ.

එම ඉල්ලීමට අනුව ඩුබායි අධිකරණයේ තීන්දුව අද දහවල් ලබාදීමට නියමිතයි.

ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් අතරින් 21 දෙනකු මේ වන විට ශී‍්‍ර ලංකාවට පිටුවහල් කර ඇති අතර තවත් 07 දෙනකු මේ වනතුරු ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවනවා.

ඒ අතර ජනපි‍්‍රය ගායක අමල් පෙරේරා ද සිටින බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.

Related posts

සීනිමෝදර මුහුදේ ගිලී ජර්මානු ජාතිකයකු මරුට

Admin

ඇස්ට්‍රාසෙනෙකා ගත් කොළඹ වැඩිහිටියන්ට Pfizer එන්නත

colombotoday

පැතුම් කර්නර්ට වරෙන්තු

colombotoday

Video – ‘සිංහලේ’ ලේ ගැන ඓතිහාසික සාක්ෂිය – මහාචාර්ය රාජ් සෝමදේවයන්ගෙන්

colombotoday

මැනිං වෙළෙඳුන් ආරම්භ කල උපවාසය අවසන්

colombotoday

ඊ නිව්ස් සඳරුවන් ජනපති ළඟ දනින් වැටෙයි

colombotoday