Colombo Today Local News

මධූෂ්ගේ ඩුබායි සාදයට සහභාගී වු සංවිධානාත්මක අපරාධකරුවෙක් අත්අඩංගුවේ

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයෙක් හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 350ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (27)දින දහවල් 12.15ට පමණ කෙසෙල්වත්ත පොලිස් වසමේ මිරානියා වීදිය‍, ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව ඇත.

කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49ක් වු මිරානියා වීදියා, කොළඹ 12 යන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොහු සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට පත්වීමට පෙර ඩුබායිහි දී පැවැත් වු සාදයකට සහභාගී වු අයෙක් බවට වැඩිදුර විමර්ශනවල දී අනවාරණය වී තිබේ.

සැකකරු අද (28)දින මාලිකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කෙසෙල්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි

Related posts

ජනපතිගේ ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ විරෝධය

colombotoday

අම්බලන්ගොඩත් වෙඩි තැබීමක්

Admin

ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩු කතා බිදවැටෙයි.. මෛත්‍රී-රනිල් දිගටම දීග කයි…

colombotoday

බැංකු ගණුදෙනුවලදී අලුත් බද්දක්.. “මැදමුලන බද්ද” ලෙස නම් කෙරේ !

colombotoday

මෙරට පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය පත්කෙරේ

colombotoday

දීඝවාපියේ කුණු කන්දක් ගිනි ගනී

colombotoday