Colombo Today Local News

මධුෂ්ට කෝටි 1000ක මුදල් සහ දේපළ

මාකඳුරේ මධුෂ්ට රුපියල් කෝටි දාහකට ආසන්න මුදලක් සහ දේපළත් තිබෙන බව ඔහුගේ සමීපතම ගෝලයා වූ අත්අඩංගුවට පත් කැලූම් ඉන්දික සම්පත් යන අය පොලිසියට තොරතුරු අනාවරණය කළ බව පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ විශේෂ මෙහෙයුම් කණ්ඩායම් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලින්ටන් සිල්වා ඊයේ (12දා) ප‍්‍රකාශ කළේය.

මෙම විශාල මුදල් ප‍්‍රමාණය සහ දේපළ මාකඳුරේ මධුෂ්ගේ සමීප හිතවතුන්ගේ නම්වලින් පවතින බවද පොලිස් පරීක්‍ෂකවරයා සඳහන් කළේය.

මේ අනුව ඉදිරියේදී මාකඳුරේ මධුෂ් ශ‍්‍රී ලංකාවට එවූ පසු ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසු ඔහුගේ හිතවතුන් පිරිසද අත්අඩංගුවට ගන්නා බව ලින්ටන් සිල්වා මහතා සඳහන් කළේය.

මාකඳුරේ මධුෂ්ගේ ගෝලයා වූ කැලූම් ඉන්දික සම්පත් ළ`ගින් ඇසුරු කළ සහකාර පුස්තකාලාධිපතිවරිය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇත.

මාකඳුරේ මධුෂ්ගේ උපදෙස් පරිදි කොල්ල කෑ රුපියල් කෝටි 700 ක් පමණ වටිනා දියමන්තිය පොලිස් කණ්ඩායම්වලට සොයා ගැනීමට හැකි වූයේ කැලූම් ඉන්දික සම්පත්ගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසුවය.

බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි පෑලියගොඩ පොලිස් කණ්ඩායමක් මෙම දියමන්ති කොල්ලයේ සුලමුල මුලින්ම අනාවරණය කර ගත්තේය.

Related posts

ලංකාව ගැන වටිනාම ලියවිලි තොගයක් හොර රහසේම විදේශිකයන්ට දීලා – ජනපතිගෙන් හෙළිදරව්වක්

colombotoday

අධ්‍යාපනයේ අසමානතා ඉවත් කරනවා

Admin

පුරාවිද්‍ය සංරක්ෂණයට ඒකාබද්ධ වැඩපිළිවෙලක්.. පුරාවිද්‍යා බලධාරීන්ට ජනපති දින දෙයි ! (Video)

colombotoday

අමාත්‍ය ධූර වැඩිකිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට

colombotoday

පාර්ලිමේන්තු ජල පොකුණේ අපජලය දියවන්නා ඔයට

colombotoday

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී 6ක් රෝහලේ…

Admin