මද්රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ඡා සිදු කරන බව අමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ නව පාසල් ලියාපදිංචිය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්ය.