Colombo Today Local News

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග නාකොටික් නිලධාරීන් අතර සිදුවු සංවාද සහිත හඩ පට එළියට

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නිලධාරින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වන බවට වන හඬ පට ඇතුළත් සී.ඩී. තැටියක් දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම වෙත බාර දී ඇත.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ අධ්‍යක්ෂවරයා විසින් අදාළ සී.ඩී පටය ඊයේ (06)දින ජනාධිපති කොමිසම වෙත බාර දී ඇති බව වාර්තා වේ.

එම කාර්යංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලේ සාක්ෂි විමසීම් සිදුවූ අවස්ථාවකදී ඔහු අනාවරණය කර සිටියේ නිලධාරීන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර සම්බන්ධතා පවත්වන බවට සාක්ෂි පවතින බවයි.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ අධ්‍යක්ෂවරයා කොමිසම වෙත කැඳවා අදාළ සාක්ෂි ලබාගන්නා ලෙස නියෝමාල් රංගජීව මහතා ඉල්ලීමක් කර තිබුණි.

ඊට අදාළව සිදුකළ දැනුම්දීමකට අනුව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නිලධාරියෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අතර සිදුවූ සංවාදයක හඬ පට ඇතුළත් සී.ඩී පටයක් මෙලෙස එහි අධ්‍යක්ෂවරයා විසින් ජනාධිපති කොමිසම වෙත බාර දී තිබේ.

Related posts

නව ව්‍යස්ථාව ගැන පාසල් සිසුන් දැනුවත් කිරීමට රටපුරා සම්මන්ත්‍රණ ඇරඹෙයි

colombotoday

මාබෝලේ අපනයන සමාගමක ලක්ෂ 25 මෝර කරවල උස්සලා

Admin

විමල් තමන්ගෙ දේශපාලන මතවාදය කවදාවත් වෙනස් කළේ නෑ – ලාල් කාන්ත

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන්නන් ඇල්ලීමට අද රාත්‍රියේ සිට විශේෂ මෙහෙයුම්

colombotoday

ව්‍යාජ ලිපි පෙන්වා කොළඹට ඇතුළු වන අයට වසර 5ක සිරදඩුවම්

colombotoday

ඡන්ද පත්‍රිකා මුද්‍රණය අරඹයි

colombotoday