Colombo Today Local News

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට මරණ දණ්ඩනය නියම කරයි

හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 14.76 සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හතළිස් තුන් හැවිරිදි විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.

මෙසේ දඬුවම් නියම වූයේ කොළඹ, මරදාන ප්‍රදේශයේ පදිංචි අයෙකුටය.

2012 වසරේ නොවැම්බර් මස 10 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් මරදාන ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 14.76 ක් සමග මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන් අනතුරුව නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබීය.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවට තීන්දු කළේය.

ඉන් අනතුරුව විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කරන බවද විනිසුරුවරයා විසින් තීන්දු කර ඇත.

Related posts

ඇමති සාගලට මීතොටමුල්ලේදී අදත් විරෝධය.. හූ හඩ මැද්දේ ආපසු හැරී එයි

colombotoday

ඊජිප්තු ජාතික අරාබි පාසල් ගුරුවරයෙක් මාදම්පේදී අත්අඩංගුවට…

colombotoday

අවන්හලක් ගිනිබත් වෙයි

colombotoday

වනාතවිල්ලුවේ වන සංහාරය බැලීමට වන සංරක්ෂණ ඇමති යයි : ඇත්ත හෙළිකළ මාධ්‍යයට රැස්වීමේ දොර වැසෙයි

colombotoday

මුලතිව් කෝකිලායි බුදු පිළිමයක් පොළොවේ ගහලා

Admin

ඇමති චම්පික රණවකට එරෙහිව ප්‍රබල චෝදනාවක් ! (Video)

colombotoday