Colombo Today Local News

බොරැල්ල Traffic OIC හප්පා පලා යෑම – මන්ත්‍රී මහින්දානන්දගේ පුත්‍රයාත් අත්අඩංගුවට

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කිරීම සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, එම අනතුර සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබී ය.

අනතුරට සම්බන්ධ ජීප් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පොලිස් අධිකාරිවරයෙකුගේ 27 හැවිරිදි පුත්‍රයෙකු ද මෙන්ම එම ජීප් රථයේ හිමිකරු ද අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අයත් ය.

එසේම මෙම අනතුර සිදුවන අවස්ථාවේ එම රථය සමග පැමිණි තවත් ජීප් රථයක හිමිකරු හා එහි ගමන් කළ 23 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වේ.

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටියදී ඊයේ අලුයම 4 30 ට පමණ කොළඹ – ගාල්ල මාර්ගයේ ඩුප්ලි බුලස් හන්දියේදී අනතුර සිදුවිය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

Related posts

අදානි ගියා!! මෝදි ආවා!!! බලශක්තියට ඇඩ්‍රස් නැද්ද?

colombotoday

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදෙයි

colombotoday

පුතුන් පැහැර ගත්තේ ඉන්දීය හමුදාවයි – ශ්‍රී ලංකා හමුදාව නොවෙයි – වැල්වැටිතුරේ මවක්‌ කොමිසමට කියයි

colombotoday

ගෝලීය උණුසුමෙන් ශ්‍රී ලංකාවේ ලුණු කර්මාන්තයට අභියෝගයක්!

Admin

මවක් කැලණි ගඟට විසිකළ දරුවාගේ සිරුර හුමුවෙයි.

colombotoday

මිනිස් අසූචි මිශ්‍ර කෑම විකුණූ කුරුණෑගල අජ්මීර් හෝටලයට සීල් තබයි

colombotoday