Uncategorized

බුදු පිළිම කැඩූ 7ක් මාවනැල්ලෙන් අත්අඩංගුවට

මාවනැල්ල හා අවට ප‍්‍රදේශ කිහිපයක බුදු පිළිම කිහිපයකට පහර දී අනර්ථය සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් හත්දෙනකු  අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසීය.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් හය දෙනෙක් මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමෙන් පසු  ලබන 02 දින දක්වා රිමාන්ඞ් බාරයට පත් කළ බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් පුළුල්  විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්   සිද්ධිය සැලවීමත් සමඟ පොලිස්පතිවරයා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක්  එම ස්ථානයට පිටත් කළ බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මෙම  අනර්ථ සිදුකරන අවස්ථාවේ දීම ප‍්‍රදේශ වාසීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි  තරුණයාගෙන්  දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේ දී හෙළි වු තොරතුරු අනුව  සෙසු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බවද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්  ඔවුන් ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති බවද පොලිසිය කියයි.

Related posts

ජනපති සහ කුවේට් අගමැති අතර හමුවක්

colombotoday

ජෝනීගේ ගෙදර ගෑස් ගබඩාවක්

colombotoday

බස් රථයකදී කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ ලිපිකරුවක්

Admin

රනිල් නත්තල් සීයට ඇඳලා

Admin

“2020 අගමැති අපේක්ෂකයා මමයි” විධායකයෙන් පාර්ලිමේන්තුවට ජනපතිගෙන් කරණමක්?

colombotoday

තව ඉවසන්නෙ නෑ… මහ විනාශයක් වෙයි… පල්ලි සෝදිසිය වහා නවතනු – ආණ්ඩුකාර සාලි තර්ජණය කරයි

colombotoday