Colombo Today Local News

බුදු පිළිමය ඉවත් කිරීමට නියෝග කරලා… පින්නදූව හුවමාරුවේ උණුසුම් තත්ත්වයක්….

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමේ පිහිටි බුදු පිලිමය 08 දින මධ්‍යම රාත්‍රීයට පෙර ඉවත් නියෝගයක් ලැබී අතැයි පවසමින් භික්ෂුන් වහන්සේලා ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුළු පිරිසක් 08 දින සවස 7 පමණ සිට එම ස්ථානයේ විරෝධතාවයක නිරත විය. මේ හේතුව නිසා එම ස්ථානයේ යම් උණුසුම් තත්වයක් ද ඇති විය.

අක්මීමණ ප්‍රා දේශීය සභාවේ සභාපති සේන කලහෙවත්ත මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හා ප්‍රදේශයේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන විහාරාධිපතිවරුන් ඇතුළු ස්වාමීන් වහන්සේලා 40 ක පමණ පිරිසක් මෙම ස්ථානයට පැමිණ තිබිණි. මෙහි දී අදහස් දැක් වු විරෝධතාවයේ නිරත භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිස් පවසා සිටියේ මාර්ග සංවර්ධන විෂය භාර අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ උපදෙස් මත මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහල නිළධාරීන් අදාල බුදුපිලිමය 08 දින රාත්‍රී 12 ට පෙර ඉවත් කරන ලෙස දැනුම් දුන් බවත්. එවැන්නක් සිදු කරන්නේ නම් තමන් දිවිහිමියෙන් ඒ සදහා කැපවෙමින් මෙය ආරක්ෂා කරන බවයි.

පසුව විහාරාධිපති හිමිවරුන් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නායක්කාර මහතා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විරෝධතාකරුවන්ට සම්බන්ධ කරන ලද අතර එහි දී මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාට සහ විරෝධතාවයේ යෙදී සිටි ස්වාමීන්වහන්සේලා ඇතුළු පිරිසට කියා සිටියේ කිසිසේත්ම බුදු පිලිමය එම ස්ථානයෙන් ඉවත් නොකරන බවයි.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ද එම ස්ථානයට පැමිණ කියා සිටියේ බුදු පිලිමය ඉවත් නොකරන බවයි. ඒ අනුව විරෝධතාවය අවසන් වු අතර විරෝධතා කරුවන් බුදු පිලිමය යට කැට ගල් ද ඇල්ලීම එම අවස්ථාවේ දීම කරනු ලැබීය.

ලන්කින්ද නානායක්කාර

Related posts

අලුත් අගමැති කෙනෙක් පත් කර ගන්න මහින්දට ඉවත් වන්නැයි විමල්-ගම්මන්පිල ඉල්ලයි

colombotoday

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය වසා දැමීමේ සූදානමක් !

colombotoday

ජනමතයට හිස නමා ඉල්ලා අස්වෙන්න – ජනාධිපතිගෙන් ඉල්ලයි

colombotoday

ජයන්ත විජේසේකර විමල්ව අතහරී.. මෛත්‍රීට එක්වෙයි

colombotoday

මෛත්‍රි, රනිල් හා මහින්ද අසාර්ථක නායකයන්. – සරත් විජේසූරිය

colombotoday

රන්වලට සිදු වුනේ අතපසුවීමක්

Admin