Colombo Today Local News

බන්ධනාගාර තුළට තහනම් භාණ්ඩ පැමිණීම සම්පූර්ණයෙන් නැවතීමට තවමත් නොහැකි වෙයි

බන්ධනාගාර තුළ මේ දිනවල මත්ද්‍රව්‍ය අඩුවීම හේතුවෙන් බන්ධනාගාර රැඳවියන් අතර දුම්කොළ සඳහා වැඩි ඉල්ලූමක් පවතින බව වාර්තා වෙයි.

ඒ අනුව මීට පෙර රුපියල් දහසකට අලෙවි වු දුම්කොළයක්, රුපියල් 3,000 කට අධික මුදලකට රැඳවියන් අතර අලෙවි වන බවයි වාර්තා වන්නේ.

ඒ, බන්ධනාගාරගත මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳවියන් මේ වනවිට දුම්කොළ පානය කිරීම හේතුවෙන්.

ආරක්ෂක අංශ විසින් සිදුකරන මත්ද්‍රව්‍ය වැටලීම් සහ බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර තුළ සිදුකරන අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ලැබීමේ අවස්ථා අඩු වී තිබෙනවා.

රැඳවියන් බැලීමට බන්ධනාගාර වෙත පැමිණෙන අමුත්තන් හා ඔවුන් රැගෙන එන භාණ්ඩ ද දැඩි පරීක්ෂාවට ලක් කෙරෙනවා. කොළඹ බන්ධනාගාරවලට මෙන්ම බූස්ස සහ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සඳහා බන්ධනාගාර නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද යෙදවීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

කෙසේවෙතත් බන්ධනාගාර තුළට තහනම් භාණ්ඩ විසිකිරීම සම්පූර්ණයෙන් පාලනය කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නොහැකි වී තිබෙනවා.

ඒ බන්ධනාගාර තුළ පවතින දැඩි නිලධාරී හිඟය හේතුවෙන්. ඉකුත් දින කිහිපය තුළ ද බන්ධනාගාර කිහිපයකට පිටතින් විසි කළ හා බන්ධනාගාර තුළට සූක්ෂම ලෙස රැගෙන ආ දුම්කොළ රැසක්ම නිලධාරීන් සිය භාරයට ගෙන පොලීසියට භාර දී තිබුණා.

Related posts

උපේක්‍ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත මුදාහැරේ

colombotoday

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හොරා කෑම, ණයට කෑම සහ විකුණාගෙන කෑමයි

colombotoday

“එකසත් ජාතික පක්ෂය නිසයි මේ රට නැති වුණේ” – අස්ගිරි මහ නා හිමිගෙන් දැඩි ප්‍රකාශයක්

colombotoday

“කොරෝනා මර්දනයට දේශීය ඖෂධ මංජුසාවක් ගෙයින් ගෙට ගිහින් ලබා දෙනවා”

colombotoday

ඒකීයභාවය රකිමින් ආර්ථිකය ගොඩනැගිය හැකි නායකයෙකුට රට භාර දෙන්න – මහා සංඝරත්නය අවධාරණය කරයි

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත් 253කට වැඩ වරදී

colombotoday