Colombo Today Local News

බන්ධනාගාරයේ රැඳවියන්ට ජංගම දුරකථන ලබාදෙන්න ගිය බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ජංගම දුරකථන ලබාදීමේ චෝදනාව මත බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ මාතර බන්ධනාගාරයේ නියාමකවරයෙකු සහ මහර බන්ධනාගාරයේ නියාමකවරයෙකු මෙලෙස වැඩ තහනමට ලක් කළ බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත බන්ධනාගාර ගතව සිටින රැඳවියෙකුට ජංගම දුරකථන 03ක් ලබාදීමට උත්සාහ කිරීමේදී මහර බන්ධනාගාර නියාමකවරයා බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.

වැඩ තහනමට ලක් වු මාතර බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතර බන්ධනාගාරයේ රදවා සිටින එවැනි රැඳවියෙකුට ජංගම දුරකථනයක් ලබාදීමට උත්සාහ කිරිමේදී ය.

වැඩ තහනමට ලක්කෙරුණු බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලීසියට බාරදුන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

Related posts

කිරුළපන මාර්ගය ජලයෙන් යට වෙයි

colombotoday

කුලියාපිටිය බිංගිරිය දුම්මලසූරිය හා හෙට්ටිපොළට නැවතත් ඇඳිරි නීතිය

colombotoday

ඉන්දීයාවෙන් සහල් මෙට්‍රික්ටොන් 40,000 ක්

colombotoday

බේකරි හිමියන් පාලන මිලෙන් ඉවත් වෙයි

colombotoday

අද සිට දිනපතා විදුලිය කැපෙයි

colombotoday

සියළුම දේශපාලන පක්ෂ දූෂිතයි… පිරිසිදු අපි පමණයි…

colombotoday