Colombo Today Sports News

බංග්ලාදේශ තරගයෙන් පසු ලසිත් මාලිංග යළි දිවයිනට

 ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ බිරිඳගේ මව අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ, හේතුවෙන් අද බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගයෙන් පසු තමන් දිවයිනට පැමිණෙන බව ලසිත් මාලිංග සඳහන් කළේය.

මාලිංග පැවසුවේ සිය නැන්දනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදු කිරිමට නියමිත බව ය.

අවමංගල්‍ය කටයුතු අවසන් වීමෙන් පසු ඉතා ඉක්මණින් යළි කණ්ඩායම සමග එකතුවීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද ලසිත් මාලිංග වැඩි දුරට ත් සඳහන් කළේය.

අද තරගයෙන් පසු ශ්‍රී ලංකාව ලබන සෙනසුරාදා ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්වඩායම සමග තරග වැදීමට නියමිතය.

Related posts

ක්‍රිකට් තරඟ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට ළගදීම අවස්ථාව

colombotoday

මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාව ශ්‍රී ලංකාවට

colombotoday

ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

colombotoday

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට ගිය 10ක් අතුරුදන්

colombotoday

පොදු රාජ්‍ය මණ්ඩල යොවුන් ක්‍රීඩා තරගාවලියේදී අයෝමාල් අකලංකට රිදී පදක්කමක්

Admin

දයාසිරිට කිවුව රිලා කතාවට මාලිංගට තවමත් කැපිලි

colombotoday