Colombo Today Local News

පොහොට්ටුවේ නායකයා මහින්දයි – ජී.එල්. කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ජී.එල්. පීරිස් මහතා නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව එම පක්ෂය පවසයි.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (22දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේ මේ අවස්ථාවේදී ජනප්‍රියම නායකයා මහින්ද රාජපක්ෂ මහතා බවයි.

මෙම මාධ්‍ය හමුවට එක්වූ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජී.එල්.පීරිස්ගේ පක්ෂය ලෙස පොදුජන පෙරමුණ හඳුන්වන බවයි.

පොදුජන පෙරමුණේ නම පැවසීමට පවා ජනාධිපතිවරයා බියවී සිටින බවද හෙතෙම කීවේය.

මෙහිදී අදහස් දැක්වූ ජී.එල්.පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම අඩු කිරීමට උත්සාහ කරමින් සිටින බවත්, මෙය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට වාසිසහගත බවත්ය.

(අද)

Related posts

මලාපවහන ගාස්තු ඉහළට

Admin

අපට ඕනනම් රටම අකර්මන්‍ය කරන්න තිබුණා…

colombotoday

ඤාණසාර හිමිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

colombotoday

2018 වසරේ අලි 272 ක් මියගිහින්

colombotoday

රාත්‍රියේ පන්සලට ආ මුස්ලිම් ජාතිකයෙක් විහාරාධිපති හිමියන්ව බදාගෙන මුනට කැහැලා. විහාරස්ථානය නිරෝදායනයට ලක් කරයි

colombotoday

නීතිඥ සංගමයේ අයථා මුදල් පරිහරණය ගැන විමර්ශන ඇරැඹෙයි

Admin