Colombo Today Local News

පොහොට්ටුවෙන් වුවත් තරග කිරීමට ශ්‍රීලනිප යේ අපි සූදානම්…

ඉදිරියේදී ගොඩනගන පුළුල් සන්ධානය යටතේ ‘පොහොට්ටුව‘  ලකුණින් වුවත් මැතිවරණවලට තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදානම් බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව ගොඩනගන පුළුල් සන්ධානයෙහි පක්ෂ නායකයින් හා බහුතර සාමාජිකයින් ගන්නා තීරණය අනුව එම ලකුණ තීරණය වනු ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය.
 
ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය ඇතුළු සියලූ මැතිවරණ සඳහා ඉදිරිපත් වන්නේ එම පොදු ලකුණ යටතේ බව ද ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
 
වැදගත් වන්නේ ලකුණ, පුද්ගලයා නොව වැඩපිළිවෙල බැවින් පුද්ගලයකු වටා නොව යම් කිසි වැඩපිළිවෙලක් වටා ඉදිරි පුළුල් සන්ධානය ගොඩ නගන බව කී මන්ත්‍රීවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් නියෝජනය කරන පාර්ශ්වය ඉදිරි ඕනෑම මැතිවරණයකදී ජයගන්නා බව ද කීවේය. 
 
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පුංචි බොරැල්ල, තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පිහිටි පරිවර්තන කේන්ද්‍රයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

තක්සේරු වටිනාකමටත් අඩුවෙන්, කුණු කොල්ලයට ඉන්දියාව මත්තල ගන්න හදයි !

colombotoday

ජනපති – ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණ විමර්ශනය සීඅයිඩියට

colombotoday

ඉන්දීය විදේශ ඇමති මුදල් ඇමති බැසිල් අතර සාකච්ඡාවක්

colombotoday

ආණ්‌ඩුවෙන් යනවාද නැද්ද. | පක්‌ෂ 12ක්‌ සාකච්ඡාවක

colombotoday

කොවිඩ් එන්නත් මිලදීගැනීමේ ගිවිසුමට නීතිපතිවරයාගේ අනුමැතිය

colombotoday

රජයට අයවිය යුතු ගෝල්ඩන් කී මුදල් ICBT කැම්පස් එකේ ආයෝජනය කරලා

colombotoday