Colombo Today Local News

පුදුකුඩිඉරිප්පුවෙන් අත්බෝම්බ 18 ක් සොයාගනියි

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර් ය බළකා නිළධාරීන් එක්ව පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී පොළොව යට සඟවා තිබූ ජීව අත් බෝම්බ දහඅටක් සොයා ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව පැවසූවේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය 29 වැනි දින සිදු කරන ලද ඒකාබද්ධ සොදිසි මෙහෙයුමකදී ‍ මාර්ගයක් අසල පොලොව යට සඟවා තිබූ ජීවී අත් බෝම්බ දහ අටක් සොයා ගත් බවයි.

සොයා ගන්නා ලද අත් ‍බෝම්බ අතර එස්එෆ්ජී 87 (SFG 87) වර්ගයේ ජීවී අත් බෝම්බ 16 ක් සහ එම් 75 (M 75) වර්ගයේ ජීවී අත්බෝම්බ දෙකක් තිබූ අතර, මෙම ජීවී අත්බෝම්බ යුද සමයේදී පලා ගිය එල්ටීටීඊ සාමාජිකයින් විසින් මෙලෙස සඟවා තබා යන්නට ඇතැයි සැක පල කරයි.

සොයා ගන්නා ලද ජීවී අත්බෝම්බ දහ අට විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චි පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශය වෙත ලබා දීමට කටයුතු කළ බවද නාවික හමුදාව පැවසූහ.

Related posts

ත්‍රි´මලේ තෙල් ටැංකි 61ක් අපිට වැඩියි

Admin

ජාත්‍යන්තර කාන්තා දිනය අද

colombotoday

ඇමතිට ලැබුනු තීන්දුව පොහොට්ටුවෙන් කැඩුණු මන්ත්‍රීන්ට බලපෑමක් නෑ – ජී. එල්. පීරිස් කියයි

Admin

ජනාධිපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය හෙට

colombotoday

චීන තානාපතිගේ ප්‍රකාශය විශිෂ්ඨයි.. ඔහුගැන රජයේ ක්‍රියා පිළිකුල් – NUTA

colombotoday

යාපනයේ වඩමරච්චි වල්ලිපුරන් මාර්ගයේ පිපිරීමක්

colombotoday