පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස අයි.එස් අයි.එස් සංවිධානය සිටින බව තමා පිළි නොගන්නා බව හිටපු අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.
තලාතුඔය ප්‍රදේශයේ පැවති ජනහමුවකය එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, අදෘෂ්‍යමාන බලවේගයක් මෙම ප්‍රහාරය පසුපස සිටින බවට තමා විශ්වාස කරන බවයි.
ප්‍රහාර සම්බන්ධයෙන් නිවැරදි පරික්ෂණයක් ඉටු කලයුතු බවත් ඒ සඳහා සිය පාර්ශවය විසින් අවශ්‍ය සහය රජයට ලබාදීමට සූදානම් බව ද ප්‍රකාශ කළා.
එමෙන්ම මුස්ලිම් ජනතාවගේ වර්ධන වේගය සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශ අසත්‍ය බවයි හකීම් මහතා වැඩිදුරටත් කියා සිටියේ.