Uncategorized

පාස්කු ත්‍රස්ත සැකකරුවන්ගේ පවුල්වලට වියළි සලාක

අප්‍රේල් 21 පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර ඇති කාත්තන්කුඩි අවට ගම්මානවල පුද්ගලයන්ගේ පවුල්වලට වියළි සලාක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය 24 දා සිදුකෙරිණි.

ආගමික ත්‍රස්තවාදය වැළැක්වීමේ ජාතික ව්‍යාපෘතියේ ප්‍රධානී මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව ‘සම්සම්‘ පදනම විසින් මෙම පරිත්‍යාග සිදුකෙරිණී.

කාත්තන්කුඩි පල්ලි සසම්මේලනයේ සභාපති එම්.සී.එම්. සත්තාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

Related posts

එදා මෙදා තුර

colombotoday

ජනාධිපති කොමිසම හමුවේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා කල හෙළිදරව්ව

colombotoday

මෙරටදී පළමු වරට මවක් සය නිවුන් දරුවන් බිහි කරයි

colombotoday

නව වසරේ පළමු පාසල් වාරය හෙටයි

colombotoday

සතියේ ලග්න පලාඵල, ඔක්තෝබර් 12 සිට 19 දක්වා

colombotoday

උපකාරක පංති ඇරඹීමේ තීරණයක් ?

colombotoday