Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුයි – කථානායක මහින්ද යාපා

දිවයිනේ මේ වන විට නැවත උද්ගතව ඇති කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතු බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අවධාරණය කර තිබේ.

ඒ මහතා මේ බව සඳහන් ක‍ළේ අද (06)දින පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ඒ අනුව පාර්ලිමේන්තුවට පැමිණීමේදී හා එහි රැඳී සිටියදී සෞඛ්‍ය බලධාරීන් විසින් දී ඇති උපදෙස් අනුව පනවා ඇති සෞඛ්‍ය ආරක්ෂණ විධිවිධාන තරයේ පිළිපදින ලෙසත්, එමෙන්ම, පාර්ලිමේන්තුවෙන් පිටතදී කටයුතු කිරීමේදී ද, එම පිළිවෙත් අනුගමනය කරන ලෙසත් කථානායකවරයා මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා සිටියේය.

අමුත්තන් පාර්ලිමේන්තුවට කැඳවීමෙන් වැළකී සිටින ලෙස මෙන්ම, අදාළ සෞඛ්‍ය ආරක්ෂක විධිවිධානවලට අනුකූලව අත්‍යවශ්‍ය රාජ්‍ය නිලධාරීන් පමණක් පාර්ලිමේන්තුවට කැඳවන ලෙසත් සියලුම අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙයට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, සෙසු හා අනුබද්ධිත කාර්ය මණ්ඩල, පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්, සැපයුම්කරුවන් හා සේවා සපයන්නන්, ආරක්ෂක අංශ වලට අයත් කාර්ය මණ්ඩල ඇතුළු පාර්ලිමේන්තුවට පැමිණෙන සියලුමදෙනා විසින් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන අනුව කටයුතු කිරීමද අත්‍යවශ්‍ය වන බවද කථානායකවරයා නිවේදනය කළේය.

Related posts

ජලාශ රැසක වාන් දොරටු ඇරේ

colombotoday

ඉල්ලුමට සරිලන සැපයුම් නෑ.. එළවලු මිළ ඉහළට.. කිලෝව 150 පනී

colombotoday

“අපි නව රැකියා පනස්දාහක් බිහි කළා.. තේ වතු, මැණික් පතල්, ගාමන්ට්වල රැකියා ඕන තරම්.. දැන් ඉන්න උන් ඒවට කම්මැලියි” – රාජ්‍ය ඇමති සුජීව

colombotoday

ජාතික සංහිඳියාව ඇති කරන්න කැබිනට් අනු කමිටුවක්

Admin

ජනපති මෛත්‍රී දුරකථනයෙන් අමතා වරද නිවැරදි කිරීම ගැන ඉන්දීය අගමැති මෝදි සතුට පලකරයි..

colombotoday

දෙමල සන්ධානය නිදහස් දිනයේදී ජාතික කොඩිය වෙනුවට කලු කොඩි උස්සන්න යයි.

colombotoday