ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ඇති විශේෂ ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබා තිබෙනවා. මේ වන විට එම ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට යොමු කර ඇති බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙන්නේ.
පාර්ලිමේන්තු මැතිවරණය ජනවාරි 5 පැවැත්වීම සඳහා මේ වනවිට දින යෝජනා වී ඇති බවත් එම ආරංචිමාර්ග ඔස්සේ වැඩිදුරටත් වාර්තා වෙනවා.