Colombo Today Local News

පාතාල සමාජික අංගොඩ ලොක්කාගේ සමීපතමයන් දෙදෙනෙකු අත්අඩංගුවේ

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ සමීපතමයන් දෙදෙනෙකු හෙරොයින් ග්‍රෑම් 5ක් ද සමගින් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුල්ලේරියාව නව නගරය හා උඩුමුල්ල යන ප්‍රදේශවලදී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ නදීශන සේපාල දහනායක හෙවත් ”රං කෑල්ල” සහ ගයාන් දර්ශන හෙවත් ”ගයියා” යන දෙදෙනායි.

ඉන් එක් සැකකරුවෙකු 2019 වසරේදී හංවැල්ල ප්‍රදේශයේ පස් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා 2018 වසරේ පෙතියාගොඩ ප්‍රදේශයේ අවිආයුද තොගයක් සමගින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි අයෙක්.

Related posts

චම්පිකගේ රියේ ගැටී එළොව ගිහින් මෙළොව ආ සන්දීප් ගෙදර යයි.. තාම හරියට ඇවිදින්න බෑ

colombotoday

එජාපය හෙළවෙයි… ප්‍රබලයන් හතරක් ශ්‍රීලනිපයට ?

colombotoday

සිංහරාජයේ අලි සහ ප්‍රදේශයේ ජනතාවගේ ජිවිත පිළිබඳ මට වගකියන්න බැහැ – සරත් ෆොන්සේකා

colombotoday

යහපාලන නිලධාරී මාෆියාවෙන් ITN වල පල්ලට යැවූ හැටි මෙන්න – කළකිරුණු සේවකයෝ ජනපතිට ලියති

colombotoday

උස ඇති අයට සිකුරුටි.. නැති අයට කම්කරු.. මොලේ නැති අයට අමාත්‍යධූරද?

colombotoday

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1998 දක්වා ඉහළට

colombotoday