ප්‍රරවීණ ගායන ශිල්පි ඩබ්ලිව්. ඩී ආරියසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
අද (09)දින පෙරවරුවේ සිය නිවසේ දී ආරියසිංහ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.
මියයන විට ඒ මහතා 64 වන වියේ පසුවිය.
මා ළඟටම තව ලංවෙලා, ප්‍රේම සැදෑවෝ, මහ වැස්සට පෙර, තිසර තුඩට, හිත නාඳුන්න කිරිල්ලි යන ගීත රැසක් ගායනා කරමින් රසික හදවත් දිනා සිටි ඒ මහතා දීර්ඝ කාලයක සිට රෝගාතුරව සිටියේය.