Colombo Today Local News

පළාත් සභා මැතිවරණය පමාවීම ගැන මැකෝ රනිල්ට සහ කරූට ලියයි

පළාත් සභා නව මැතිවරණ ක්‍රමයට අදාළ සීමානිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීමෙන් පසු ඒ ගැන සොයා බලා කටයුතු කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව ඉක්මනින් ලබාදෙන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසම අගමැති රනිල් වික්‍රමසිංහට හා කථානායක කරු ජයසූරියට ලිඛිතව දැනුම්දී ඇත.

පළාත් සභා මැතිවරණය කල් යනුයේ සීමානිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ පරාජයට පත්වීමෙන් පසු ඒ ගැන සොයා බලා වාර්තා කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පංච පුද්ගල කමිටුවක් කථානායකවරයා විසින් පත්කරන ලදී.

පනත ප්‍රකාරව එම කමිටුවේ වාර්තාව මාස දෙකක් තුළ ලබාදිය යුතු වූවත් දින 51 ආණ්ඩු පෙරළිය නිසා එය යටපත් විය. නමුත් නව රජය ස්ථාපිත වී මාස කිහිපයක් ගතව ඇතත් මතෛක් පළාත් සභා පනත ගැන එම කමිටුවේ ප්‍රතිචාරයක් නොමැතිවීම හේතුවෙන් මැතිවරණ කොමිසම මෙම දැනුම් දීම කර තිබේ.

මැතිවරණ කොමිසම විසින් පළාත් සභා මැතිවරණය පවත්වන්නේ් නව පනත අනුවද පරණ පනත අනුවද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා දැනුම් දෙන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලා ඇත.

ඊට අමතරව අගමැතිවරයාගෙන් සහ කථානායකවරයාගෙන් ඉහත ඉල්ලීම කර ඇති අතර එය ඉකුත් සති අන්තයේදී අගමැතිවරයාට හා කථානායකවරයාට මැතිවරණ කොමිසම මගින් යොමුකර තිබේ.

Related posts

ජනපතිගේ නම විකුණමින් “මලික්-සජිත්-මංගල” රවීට එරෙහි කුමන්ත්‍රණයක..!

colombotoday

යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරු 05ක් මේජර් ජෙනරාල් තනතුරට උසස් කෙරේ…

colombotoday

බස් රථයක ගමන් ගනිමින් සිටි කතක් අසුනේම මිය ගිහින්

colombotoday

විදුලි බිල්පත් පිළිබදව ජනපති කරුණු විමසයි

colombotoday

පුපුරන ද්‍රව්‍ය ගෙනාවේ ප්‍රහාරයකට බව ස්ථීරයි – උතුරේ හමුදා ප්‍රධානීන් කියයි

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද සහ හෙට වැසෙයි

colombotoday