Colombo Today Local News

පස්වරු 2 සිට නැවත දැනුම් දෙනතුරු දිවයිනටම ඇඳිරිනීතිය බලාත්මකයි

කොළඹ , ගම්පහ , කලුතර , පුත්තලම , යාපනය හා මහනුවර යන දිස්ත්‍රික් හැරුණු විට සෙසු දිස්ත්‍රික්වල තාවකාලිකව ඉවත් කෙරුණු ඇඳිරිනීතිය යළි බලාත්මක කර තිබෙනවා.එය ඉවත් කෙරෙන දිනය පිළිබද පසුව දැනුම් දෙනු ඇති.

කොළඹ , ගම්පහ , කලුතර , පුත්තලම , යාපනය හා මහනුවර යන දිස්ත්‍රික්වලට පනවා තිබූ ඇඳිරිනීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මකයි. සෙසු දිස්ත්‍රික්වල ඇඳිරිනීතිය පෙරවරු හයට ඉවත් කෙරුණු අතර එය යළි පස්වරු දෙකේ සිට ක්‍රියාත්මකයි.

දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් වන අතර අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් ගමනා ගමනයට අවසරය පවතිනවා. අත්‍යවශ්‍ය සේවා සඳහා වන අවසරය අවභාවිත කරන්නන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක බවයි පොලීසිය අවධාරණය කරන්නේ. ඇඳිරිනීතිය උල්ලංඝණය කරන්නන් නීතියේ රැහැනට කොටු කර ගැනීමේ මෙහෙයුම් දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මකයි. ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් මාර්ග බාධක මෙන්ම ජංගම මුර සංචාරද තර කර ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

මේ අතර අද සිට ලබන සිකුරාදා දක්වා කාලය රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයටම නිවසේ සිට වැඩ කරන කාල සිමාවක් ලෙස රජය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Related posts

මීගමුවේ දැරියක් අතුරුදන් – තොරතුරක් ඇත්නම් දැනුම් දෙන්න

Admin

බොරැල්ලේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කෙරේ

colombotoday

වෙසක් සැමරීම අහිමිවී යද්දි යම් සැනසීමක් හෝ බෞද්ධයාට දෙන්න ඥානසාර හිමි නිදහස් කරන්න. උලපනේ සුමංගල හිමි ඉල්ලයි

colombotoday

ශ්‍රී ලංකන්, ඛනිජ තෙල් සංස්ථාවට කෝටි 1400ක් ණයයි.. 4 වැනිදා වන විට ණය නොගෙව්වොත් ඉන්ධන සැපුම නවතී..

colombotoday

විජයකලා මහේෂ්වරන්ට සිතාසි

colombotoday

සිරිසේනට පාක්ෂිකයින්ගෙන් ඉල්ලීමක්!

Admin