Colombo Today Local News

පරික්ෂාවට පෙර පොතුවිල් මුස්ලිම් පල්ලියකදී ජංගම දුරකථන 20ක් ගිනිතබයි…

පොතුවිල පොලිස් වසමේ පල්හාන් පල්ලියපාරේ පාක්‍යවත්ත මුස්ලිම් පල්ලිය පිටුපසදී (27) දින දහවල් 12.00 ට පමණ ජංගම දුරකතන 20ක් ගිනිතබා විනාශකල සිද්ධියක් සම්බන්ධව පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව පොතුවිල පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පල්ලියේ සභාපතිවරයා සහ ආගමික අංශය භාරව කටයුතු කරන අයෙකු ඇතුලු යාබද ඉඩමේ පදිංචිකරුවෙකු බව කියති.

පොතුවිල් පොලිසියේ බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත ආරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බලකායේ භට පිරිසක් සහ පොලිසිය ඒකාබද්ධව සිදුකල සෝදිසියකදී පිළිස්සීමට ලක්වූ මෙම ජංගම දුරකතන සොයාගෙන ඇති බව කියයි.

සැකකරුවන් සහ එම භාණ්ඩ පොතුවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත විය.

අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී සමන්ත විජේසේකර මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී එන්.වැලිසරගේ මහතාගේ උපදෙස් මත පොතුවිල පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාර දිසානායක කණ්ඩායම් භාර නිලධාරී උප පොලිස් පරීක්ෂක රේවන්ත හොරණගේ ආරුගම්බේ පොලිස් විශේෂකාර්ය බලකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සිල්වා මහතා ඇතුලු නිලධාරීහු 15 දෙනෙක් සෝදිසි මෙහෙයුමට එක්ව සිටියහ.  

Related posts

එජාප මංත්‍රී හේෂා හා තේවරප්පෙරුම අත්අඩංගුවට !

colombotoday

ඉතිහාසයේ මුල්වරට නත්තලට අඩුවට බිත්තර දුන්නේ අපි

Admin

අති බිහිසුණු මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දියානුවෙක් මෙරටට ගෙන්වයි !!

colombotoday

ඥාණසාර හිමි ඇප මත නිදහස්

colombotoday

“හමුදාව පැත්තකට වී සිටිය යුතුයි.. සිවිල් ජනතාව සමග එක්ව කටයුතු කරොත් ගැටළු ඇතිවෙයි” – විග්නේෂ්වරන්

colombotoday

පාරිභෝගික අයිතිවාසිකම් ගැන දේශනයක් දෙන්න ගිහින් රංජිත් නිර්මාල්ගේ බෙල්ලෙන් ඇද එළියට දමලා

colombotoday