Uncategorized

පත්තර තට්ටුවට කණ කොකා හඩයි… පුවත්පත් 81 ක් වැසී යයි..!

වර්තමානය වන විට පුවත්පත් සමාජයෙන් ඈත් වෙමින් යන බවත් ඉකුත් වසරේදි පමණක් පුවත්පත් 81 ක් වැසී ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාව සදහන් කරයි.
2016 වසරේදි පුවත්පත් 218 ක් තිබු නමුත් එය 2017 වසර වෙද්දි 199 ක් බවට අඩු වී තිබේ. 2018 වසර වන විට එය 118 ක් දක්වාම පහත වැටී ඇති බව අමාත්‍යාංශ සංඛ්‍යා ලේඛන සදහන් කරයි.

පුවත්පත් අතරින් සිංහල හා දෙමළ පුවත්පත් මෙම වැසී යන පුවත්පත් අතර වැඩි වශයෙන් පවතියි. 2017 වසරේදී 125 ක් වු සිංහල පුවත්පත් 2018 වන විට 69 ක් දක්වා අඩු වී ඇත.

මුද්‍රිත මාධ්‍ය හා විද්යුත් මාධ්‍ය ගත් කළ අතීතයේ සිටම වැඩි ඉඩක් වෙන්ව තිබුණේ මුද්‍රිත මාධ්‍ය වෙනුවෙනි. කවි කොළයේ සිටම ජාතික පුවත්පතක් දක්වාම මුද්‍රිත මාධ්‍ය සමාජයේ පැතීරි ගොස් තිබුණේය. විශේෂයෙන්ම ළග තබාගෙන විටෙන් විට කියවිය හැකි, රස විදිය හැකි මාධ්‍යයක් වු බැවින් විද්යුත් මාධ්‍යට වඩා බොහෝ පිරිස රුචිකත්වයක් දැක්වුයේ මුද්‍රිත මාධ්‍ය කෙරෙහිය.

නමුත් වර්තමානය වන විට මුද්‍රිත මාධ්‍යට කණකොකා හැඞීමට පටන් ගෙන තිබේ. අද කවි කොළ සමාජයේ දක්නට නැත. එමෙන්ම වසර ගණනාවක් පාඨකයන් ඇදබැද තබා ගත් පුවත්පත් රැසක් අද වන විට වැසී ගොස් තිබේ.

පුවත්පත් වැසීමට බොහෝ සේ බලපෑවේ ඩොලරයේ මිල ඉහළ යාම බව පුවත්පත් ආයතන හිමියන් පවසයි. ඩොලරය ඉහළ යද්දි කඩදාසියේ මිලද ඉහළ යාම ඇතැම් පුවත්පත් ආයතන වලට දරා ගැනීමට නොහැකි විය. ඒ නිසාම බොහෝ පුවත්පත් රැසක මිල වැඞී කිරීමටද සිදු විය.

නමුත් දිනෙන් දිනම මේ වන විට පුවත්පත් වැසී යමින් ඒ තැන විද්යුත් මාධ්‍ය ලබා ගන්නා ආකාරයක් පැහැදිලිවම පෙනෙන්නට තිබේ.

ගුවන් විදුලි සේවා 2016 දි 52 ක් වු අතර 2017 දී 55 ක් විය. 2018 දි එය 58 ක් දක්වා වර්ධනය වී තිබේ. ගුවන් විදුලි නාලිකා ශ‍්‍රවණය කරන්නන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව මෙයින් පෙනී යන්නකි.

2018 වන විට රාජ්‍ය ගුවන් විදුලි සේවා 22 ක් පවත්වාගෙන යන අතර පුද්ගලික ගුවන් විදුලි සේවා 36 ක් වේ. ගුවන් විදුලි සේවා වලට අමතරව රූපවාහීනී සේවා 23 ක් ඉකුත් වසර අවසානය වන විට පැවති අතර ඉන් 18 ක්ම පුද්ගලික රූපවාහීනී සේවා වේ.

Related posts

යහපාලන රජය රටින් රබර් ගෙන්නන්න කෝටි 18,000 වැය කරලා

colombotoday

අලුත් ජනපති යටතේ මාධ්‍යවේදීන්ට භියකරු තත්ත්වයක් උදාවී ඇතැයි ජිනීවා වෙත තොග ගණන් පෙත්සම් යවයි !

colombotoday

මූල්‍ය ආයතනයක තැන්පත්කරුවන්ගේ කෝටි 900ට විද්ද හිමිකරු අතුරුදන්

Admin

ජනපති සර්ව පාර්ශ්වික සමුළුවක් කැඳවයි – ජාජබ සමුළුවට සහභාගී වෙන්නේ නැහැ

Admin

එන්නත් ලබාගෙන රටින් එන අය ගෙදරම නිරෝධායනයට

colombotoday

කවුරු ජනපති වුවත් ජිනීවා යෝජනා ක්‍රියාත්මක කළ යුතුයි, යුධ හමුදාපති ඉවත්කළ යුතුයි – ඇමරිකාව තම න්‍යාය පත්‍රය හෙළි කරයි

colombotoday