Colombo Today Local News

නිහඬ කාලයේ සමාජ මාධ්‍ය ඔස්සේ මැතිවරණ නීති කඩවීම් 2566ක්

මහ මැතිවරණයේ නිහඬ කාලය ආරම්භ වූ ඉකුත් 02 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ඊයේ රාත්‍රි 08 දක්වා කාලය තුළ සමාජ මාධ්‍ය උපයෝගී කරගනිමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් පැමිණිලි 2566 ක් පිළිබඳ මැතිවරණ කොමිසම දැනුවත් කළ බව පැෆරල් සංවිධානය පවසයි.

ඉන් සිදුවීම් 1000 ක් පමණ වැළැක්වීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇති බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

නිහඬ කාලය තුලදී සමාජ මාධ්‍ය ජාල භාවිත කර සිදුකෙරෙන මැතිවරණ ප්‍රචාරණ ක්‍රියා පාලනය කිරීමට මැතිවරණ කොමිසම පියවර ගත්තද, එලෙස සිදුකෙරෙන ප්‍රචාරණ කටයුතු ඉහළ යමින් පවතින බැවින් පාලනය කිරීම අපහසු තත්ත්වයකට පත්ව ඇති බවයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක පැවසුවේ.

මේ අතර මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ පැමිණිලි 6932 ක් වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අතරින් පැමිණිලි 5759 ක් වාර්තා වි ඇත්තේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙතයි. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ද පැමිණිලි 1173 ක් ලැබී තිබේ.

Related posts

රන්ජන් ඉල්ලා අස්වෙයි… සමාව නොගනියි !

colombotoday

මාලිමාව කියා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නා කල්ලියක්

Admin

බන්ධනාගාර තුළට තහනම් භාණ්ඩ පැමිණීම සම්පූර්ණයෙන් නැවතීමට තවමත් නොහැකි වෙයි

colombotoday

තිලක් මාරපන ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි. අස්වීමේ ලිපිය ජනපතිට යවයි

colombotoday

උපත්, විවාහ සහ මරණ සහතික පිටපත් සඳුදා සහ බදාදා පමණයි

colombotoday

චන්ද්‍රිකාත් ඉල්ලා අස්වෙයි !

colombotoday