Colombo Today Local News

නිල නිවාසවල නිරෝධායනය වූ පොලිස් පිරිස් ගමට පනිති

බොරැල්ල පොලිසියෙන් කොවිඩ් ආසාදිතයන් හමුවීමත් සමග නිල නිවෙස්වල නිරෝධායනට ලක්කළ පොලිස් පිරිසක් ගෙවල් වසා දමා ගම්බිම්වලට යාම සම්බන්ධව පරීක්ෂණයක් අරඹා ඇත.

මෙම නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වා නිල නිවාස යළි පවරා ගන්නා ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න නියෝග කර තිබේ.

බොරැල්ල පොලිසියෙන් වැඩිම ආශ්‍රිතයන් පිරිසක් වාර්තාවීමත් සමග ඒ අසලම පිහිටි පොලිස් නිල නිවාසයද නිරෝධායනයට යොමු කරන ලදී.

නිරෝධායනයට ලක් කළ නිවාසවලට වියළි සලාක මලු බෙදාදීමට යාමේදී නිවාස හතක් වසා දමා තිබීමෙන් මේ බව හෙළිව ඇත.

‌​මේ අතර බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් ආසාදිතයන් බවට පත් වූ හේතු සොයා පොලිස් බුද්ධි අංශ විමර්ශනයක් අරඹා ඇත. පොලිස්පති යටතේ ඇති පොලිස් විශේෂ කාර්යාංශය යොදවා මෙම විමර්ශනය අරඹා තිබේ.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට මසුන් ගැනීමට ගිය පොලිස් මුළුතැන්ගෙවල්වල සේවය කළ අයට කොවිඩ් වැලඳීමෙන් එය පොලිසියට ව්‍යාප්ත වූ බව මුලදී අනාවරණය විය.

කෙසේ වෙතත් මුළුතැන්ගෙයක් නොමැති තානාපති අංශයේ රාජකාරිවල නිරත තිදෙනකුට ද කොවිඩ් වැලඳී තිබුණි.

ඊයේ (12 වැනිදා) උදෑසන වන විට පොලිස් පොකුරේ ආසාදිතයන් 639ක් වාර්තා වූ අතර 3740ක් නිරෝධායනයට යොමුකර ​ඇත. බොරැල්ල හා කොටුව පොලිස් ස්ථානවලින් වැඩිම රෝගීන් වාර්තා විය. බස්නාහිර පළාතේ පොලිස් පොකුර පාලනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සහායට නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර පත් කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.

Related posts

නැවත ඇමතිකම බාරගන්නැයි සජිත් කබීර්ගෙන් ඉල්ලයි…

colombotoday

තියුණු ආයුධයකින් පහරදී මුණුබුරා ආච්චි අම්මාව ඝාතනය කරලා

Admin

ජනතාව සීනි වලින් මුදවා ගැනීමට පැණිබීම වලට නව බද්දක්

colombotoday

බෝරා මුස්ලිම් නායකයා රාජ්‍ය නායකයෙකුට දෙන ගෞරව පිලිගැනීම් සමග 21 වනදා ලංකාවට

colombotoday

වෙසක් මාසයේදී ඥානසාර හිමිගෙන් රජ වැඩක් – සංකල්පය ඇතිවුනේ වැලිකඩදී

colombotoday

ගැබිණි පෝෂණ මල්ලට මොකද වුණෙ?

colombotoday