Colombo Today Local News

නිමක් නැති කෙනෙහිළිකම්! රණවිරු දරුවන්ට ජනප්‍රිය පාසල්වලත් දොර වැසේ

ranawiruලබන වසරේ පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර ගැනීමේදී ත්‍රිවිධ හමුදාවේ සහ විශේෂයෙන් පොලිසියේ නිලධාරීන්ගේ දරුවන් කප්පාදුවකට ලක්‌කර ඇතැයි රණවිරුවෝ පවසති.

2020 වන විට පළමු ශ්‍රේණියේ පන්තියකට ඇතුළත් කර ගන්නා ශිෂ්‍ය පිරිස 35 දක්‌වා අඩු කිරීමට නියමිතව තිබුණ ද කොළඹ ජනප්‍රිය පාසල්වලට පොලිස්‌ නිලධාරීන්ගේ දරුවන් ඇතුළත් කරගැනීම සියයට පනහකින්ම 2016 දීම කප්පාදු කර ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

කොළඹ ජනප්‍රිය පාසල්වලට ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ දරුවන් ඇතුළත් කර ගැනීම ද සියයට තිස්‌තුනකින් කප්පාදු කර තිබේ.

ඒ අනුව මෙවර කොළඹ ජනප්‍රිය පාසල් ඉල්ලූ රණවිරු දරුවන්ට අදාළ පාසල් ලැබී නැතැයි ද ඔවුහු පෙන්වා දෙති.

2015 ක්‍රියාන්විත රාජකාරියේ නිරත වූ පොලිස්‌ නිලධාරීන්ගේ දරුවන් 16 දෙනකුට ඔවුන් ඉල්ලූ කොළඹ ජනප්‍රිය පාසල් ලැබී තිබුණ ද 2016 වසරේ එම ගණන ළමුන් අටදෙනකුට සීමා වී ඇත.

2015 ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ දරුවන් 72 කට කොළඹ ජනප්‍රිය පාසල් හිමි වූ අතර 2016 එය 48 කට සීමා වී ඇත.

ඒ අනුව මෙවර රණවිරු පවුල්වල දරුවන් හත්සියයකට ඔවුන් ඉල්ලූ ජනප්‍රිය පාසල් ලැබී නැත.

– දිවයින

Related posts

අවසන් පාරිභෝගිකයාත් යන තෙක් වෙළඳසැල් විවෘතව තබන්න

colombotoday

නව ඛනිජ තෙල් මිල සංශෝධනය

Admin

ලේ අවශ්‍යයි – ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක්…

colombotoday

ජනපති රනිල්ගෙන් රංජිත් ආරියරත්න ට විශේෂ තනතුරක්

Admin

බුරවී කුණාටුවට බියෙන් වසා දැමූ මඩකලපුවේ සියලු පාසල් යලි විවෘත කෙරෙයි

colombotoday

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සමග සබඳතා පැවත්වූ අයෙක් අත්අඩංගුවට

colombotoday