Colombo Today Local News

නිදහස් පක්ෂ – පොහොට්ටු තෙවන සාකච්ඡාවත් එකඟතාවකින් තොරව අවසන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද පැවති තෙවන වටයේ සාකච්ඡාවද එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති එහිදී ඊළඟ සාකච්ඡා වටයක් සඳහා දින නියම කරගෙන ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ අනුව එළඹෙන මැයි මස 09 වැනිදා එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ සඳහා ඉදිරිපත්වීමේදී පුළුල් සන්ධානයක් ලෙස කටයුතු කිරීම සහ ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම මෙම සාකච්ඡාවන්හි මූලික අරමුණ වනවා.

මේ වන විට පිරිසක් ජනාධිපතිවරයා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ක්‍රියා කරමින් සිටින අතර තවත් කණ්ඩායමක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කරනු ලබනවා.

Related posts

කොරෝනා ගුරු පොකුරට අතවනන නුවරඑළියේ ගුරු උද්ඝෝෂණය

colombotoday

මහ බැංකු කොල්ලයේ වැරදිකරුවන් සිටින ආණ්ඩුවකින් බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න බැහැ

colombotoday

සරසවි සිසුවියගේ මරා දැමූ පෙම්වතා මානසික වෛද්‍යවරයෙක් හමුවට

Admin

පොහොට්ටුවේ මහ සම්මේලනය අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී

Admin

සමගි ජන බලවේගයත් එකතු කරගෙන රනිල් ආණ්ඩුව එක්ක හැප්පෙන්න යයි.

colombotoday

ජපන් වාහන මිල අඩු වන්නේ මෙහෙමයි

colombotoday