Colombo Today Local News

නිට්ටෑ බිය ගලගේදරටත්. රිලාගල වතුයායේ ජනතාව නිවෙස් හැර යති

ගලගෙදර පොලිස් බල ප‍්‍රදේශයට අයත් “රිලාගල” වතු යායටත් “නිට්ටෑවන්” පැමිණ ඇතැයි, එම ප‍්‍රදේශවාසීහු මහත් බියකින් පසුවෙති. එම වතු යායේ හුදෙකලා ව වෙසෙන ජනතාව නිවෙස් වසා දමා වැඩි වශයෙන් ජනතාව පදිංචි ව සිටින ස්ථාන වලට පැමිණෙන බවද , එම හේතුවෙන් තම දෛනික කටයුතු පවා අඩපණ වී ඇතැයි ද ඔවුහු පවසති .

මේ පිළිබඳවට අදහස් දැක්වූ ඒගම් වැසි ඒ කායම්මා ( 56 ) මෙසේ පැවැසුවා ය.

‘‘ඊයේ පස්වරු 1 ට පමණ මම දවල් කෑම කා , පුටුවේ වාඩිවී සිටිය දී මිදුලේ බල්ලා බිරුවා. ඒ දෙස බලන විට අඩි 2 1/2 ක් පමණ උස ඇති , ඇස් දෙක දිලිසෙන වඳුරෙකු වගේ කළු පාට සතෙකු බල්ලා සමඟ පොර අල්ලමින් සිටියා, මම කෑ ගහන්න පටන් ගත්තා ම ඌ බල්ලා අතහැර පලා ගියා. මේ සිද්ධියෙන් බල්ලාගේ මුහුණේ සීරීම් තුවාල සිදුවී තියෙනවා . ඊට පසුව ගම්වාසීහු එක්ව සොයා බැලූවා නමුත් කිසිම හෝඩුවාවක් හොයාගන්න ලැබුණේ නැහැ.’’

එම ගමේ පදිංචි එම්, ළහිරු ( 26 ) , ද මෙසේ පැවැසීය.

‘‘ඊයේ රාත‍්‍රී 8 ට පමණ අපේ නිවසේ දොරට තට්ටු කරන ශබ්දය ඇසී, අයියා ඇවිත් කියලා හිතාගෙන දොර ඇරල බලන විට , අඩි 2 1/2 ක් විතර උස ඇති, කළු පාට සතෙකු දොර ළඟ හිටියා. මම හොඳටම බය වුණා. ඌ ගෙට ඇතුළු වෙයි කියලා මම පොල්ලකින් පහර දෙන්න හදන කොට ම, ක්ෂණයකින් අඩි 10 ක් විතර දුරට පිම්මක් පැන පලා ගියා. පසුව නිවෙස් අවට පිරිසක් එකතු වී, සොයා බැලූවා. නමුත් ඌ ගැන කිසිම හෝඩුවාවක් නැහැ”

ගම්වාසීන් මේ පිළිබඳව ගලගෙදර පොලිස් ස්ථානාධිපති , පොලිස් පරීක්ෂක එඞ්වඞ් තිලකරත්න මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් සැරයන් වරුන් වන (29112) වීරසිංහ, (84817 )කුමාර යන නිලධාරීහු යොදවා පරීක්ෂණ පවත්වා ඇත.

මෙම සිද්ධිය සැලවීමත් සමඟ, ප‍්‍රදේශවාසීහු මහත් භීතියට පත්ව ඇති අතර, ඔවුන්ගේ දෛනික කටයුතු පවා අඩාල වී, ජනාකීර්ණ ස්ථාන වල ඔවුන් එක් රොක්වී සිටින අන්දම , එහි ගිය අපට ද දැකගත හැකි විය .

Related posts

ෆොන්සේකාත් සරම ගලවා ගන්නයි හදන්නේ. සාක්‍ෂි මා සතුයි – අැවන්ගාඩ් අධිපති (Video)

colombotoday

සිංහල මව්වරුන් වද කරන තරමට සාෆිගේ ගිණුමට සල්ලි ඇවිත් !!

colombotoday

මාසයක් ඉතිරිව තිබියදී හදිසියේම ලංකාවට ආ හේතුව බැසිල් කියයි…

colombotoday

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක් විය යුතයි.. – හේෂා විතානගේ

colombotoday

ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශ නිකුත්කළ ෆසාල් නිසාර්ගේ සන්නිවේදන ජාලයේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයත් සිටින බව CIDය හෙළිකරයි

colombotoday

ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති ගැන ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක්

Admin