Colombo Today Local News

නැගනහිර හමුදා බුද්ධි අංශ ප්‍රධානි කර්නල් ශම්මිට ඇප ලැබේ – ඇප ගෙවන්න මුදල් නැතිව යලි ඇතුලට

shammiකොටි සංවිධානයට උදව් කළායැයි සැලකෙන ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධ නඩුවේ පළමු හා තෙවැනි විත්තිකරුවන් ඇපමත මුදා හැරීමට අවිස්සාවේල්ල මහාධිකරණය අද (24) නියම කළේය.

මෙසේ මුදා හැරුනේ බුද්ධි අංශ සාමාජිකයන් වන කර්නල් ශම්මි කුමාරරත්න හා මාණ්ඩලික සැරයන් ප්‍රියන්ත යන දෙදනාය.

ඔවුන් රැපියල් මිලියන 1.5ක මුදල් ඇප මත මුදා හැරීමට මහාධිකරණය නියෝග කළද ඔවුන්ට අදාළ මුදල සොයා ගැනීමට නොහැකිවීම නිසා ඔවුන් යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇති බවද මේ අතර වාර්තා වේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට විශ්‍රාමික සාජන් මේජර් උපසේන හා විශ්‍රාමික කෝප්‍රල් රංජිත් යන දෙදෙනා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවේ.

අදාළ නඩුව ලබන නොවැම්බර් 05 වැනිදා යළි කැඳවීමට නියමිතය.

Related posts

මුන්දලමේ නිවුන් දැරියෝ දෙදෙනෙක් අතුරුදන්

Admin

කලුතර නගරාධිපති අමීර් නසීම් අත්අඩංගුවට

colombotoday

“නුවරඑළියේ ප්‍රා. සභා පහ දොළහක් කළ යුතුයි” – ඇමැති මනෝ ගනේෂන්

colombotoday

මිලියන 26කට අධික කේරළ ගංජා තොගයක් මන්නාරමදී වටලයි

colombotoday

අර්ජුන් ඇලෝසියස්ට සිතාසි

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට දුන් බලපත්‍රයෙන් දෙදෙනෙක් හෙරොයින් ප්‍රවාහනය කරලා

colombotoday