Colombo Today Local News

නාම යොජනා බාර ගැනීම ඇරැඹේ !

ජනාධිපතිවරණය සදහා නාම යෝජනා භාර ගැනීමේ කටයුතු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි.

මේ වන විට අපේක්ෂකයින් ගණනාවක් හා ඔවුන්ගේ නියෝජිතයන් කොමිෂන් සභා කාර්යාලයට පැමිණ සිටිති.

රුහුණු ජනතා පෙරමුණ අපේක්ෂක අජන්ත සොයිසා , ජනසෙත පෙරමුණ නියෝජනය කරමින් බත්තරමුල්ලේ සීලරතන හිමි  නාම යොජනා බාර දී සිදු කළ අතර, ශ්‍රී  ලංකාවේ සමාජවාදී පක්ෂය  නියෝජනය කරමින් අජන්තා පෙරේරා, ස්වාධින අපේක්ෂ එම් කේ සිවාජිලිංගම්, ජාතික ජන බල වේගයේ අපේක්ෂක  අනුර කුමාර දිසානායක,  ශ්‍රී ලංකා කම්කරු පක්ෂය ඒ. එස්.පී ලියනගේ, ජාතික සංවර්ධන පක්ෂය රොහාන් පල්ලේවත්ත, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් දුමින්ද නාගමුව  යන මහත්වරු ද ස්වාධින අපේක්ෂක අපරැක්කේ පුණ්‍යානන්ද හිමි ද, ප්‍රජාතන්ත්‍රවාදී  ජාතික ව්‍යාපාරයේ අපේක්ෂක අරුණද සොයිසා , ස්වාධින අපේක්ෂකවරුන් වන එම්.එල්.ඒඑම් හිස්බුල්ලා, පියසිරි  විජේනායක, ස්වාධීන අපේක්ෂකවරුන් වන  ඉල්ලියාස් මොහොමඩ්,  රජීව විජේසිංහ,නව සිහළ උරුමයේ අපේක්ෂක  සරත් මනමේන්ද්‍ර ,අපේ ජාතික පෙරමුණ නියෝජනය කරමින්  සුබ්‍රමනියම් ගුණරත්නම්   මහත්වරුද මේ වන විට  නාම යෝජනා බාර දී  සිටින පිරිස අතරට එක්ව සිටිති.

 නව ප්‍රජාතන්ත්‍රවාදී  පෙරමුණ නියෝජනය කරමින්  අපේක්ෂක  සජිත් ප්‍රේමදාස මහතාද  නාමයෝජනා බාර දුන්නේය.

ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස නාම යෝජනා භාර දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මෙතෙක් කොමිෂන් සභා කාර්‍යාලයට පැමිණියේ නැත. ඔහු හැර සෙසු අපේක්ෂකයින් සියලු දෙනා පැමිණ සිටී. ජාතික ජනතා පක්ෂ අපේක්ෂක හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතාද නාම යෝජනා දුන්නේය.

Related posts

දකුණු ඉන්දියාවේ සිට රහසේ පැමිණ සැඟවී සිටි සරණාගතයකු හා ඔහුගේ දියණිය අත්අඩංගුවට

colombotoday

තිස්ස අත්තනායක අලුත් පිම්මකට සැරසෙයි !

colombotoday

හොර වැඩ එළිවෙනවාට බයේ බදුර්දීන් අමාත්‍යාංශයේ සිංහල සේවකයන් පහළම තට්ටුවට දමයි !

colombotoday

ආනවිළුන්දාව රැම්සා තෙත් බිම, කුරුළු අභය භූමිය ඩෝසර් කර ඉස්සන් ටැංකි හදලා.

colombotoday

අරාබි වෙස්ගෙන ජනපතිට කිට්ටු කළ අභිරහස් පුද්ගලයා ගැන විස්තරේ මෙන්න

colombotoday

දකුණු මුහුදේ දී මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලයි

colombotoday