Colombo Today Local News

නාමල් කුමාරට ආරක්ෂාව සලසන්න – උසාවියෙන් සීඅයිඩියට නියෝග

ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඇතුළු ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණ සම්බන්ධයෙන් ප‍්‍රථමයෙන් තොරතුරු අනාවරණය කළ දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතාට වින්දිතයන් හා සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කිරීමේ පනත යටතේ සුදුසු ආරක්‍ෂාවක් ලබාදීමට පියවර

ගන්නා ලෙස කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (09 දා* අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

නාමල් කුමාර මහතාගේ ජීවිතයට පාතාල කල්ලි සාමාජිකයන් පමණක් නොව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් හා ඇතැම් දේශපාලනඥයන්ගෙන් ද දැඩි තර්ජන එල්ල වී ඇති බව පෙන්වා දෙමින් නීතිඥ මේජර් අජිත් ප‍්‍රසන්න මහතා කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය කළේය.

වරකාපොළ ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට රාති‍්‍ර කාලයේ පැමිණෙන පොලිස් නිලධාරීන් කිහිප දෙනකු රාති‍්‍ර කාලයට පමණක් ආරක්‍ෂාව ලබාදෙන නමුත් එය කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බැවින් මෙම නඩු කටයුත්ත සඳහා කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට පැමිණෙන හා ආපසු යන විටදී හෝ සම්පූර්ණ ආරක්‍ෂාවක් ලබාදීමට නියෝගයක් කරන ලෙස ද නීතිඥ අජිත් ප‍්‍රසන්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Divaina

Related posts

“ගෝඨාභය රජ වුණොත් මා බිහිවීමට නියමිත දෙමළ ඊළාම් රාජ්‍යයට පැන යනවා“ – නිර්මාල් රංජිත්

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සමාජ විරෝධී ක්‍රියා මැඩලීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්

colombotoday

අද ජාතික කළු විරෝධතාවක්

colombotoday

කරූ ජයසූරිය පාර්ලිමේන්තුව මාළු කඩයක් බවට පත් කළා – මහින්ද අමරවීර

colombotoday

එජාපයෙන් ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක්..

colombotoday

ආණ්ඩුවේ ඇමතිලාගෙන් දිගටම භික්ෂූන්ට ගැරහුම්.. මංගල “චීවරධාරී රස්තියාදුකාරයන්” කියා ප්‍රසිද්ධියේ අපහාස කරයි

colombotoday