World

නරඹන්නන් සඳහා ටජ්මහල යළි විවෘත කරීමේ තීරණයක්

ඉන්දියාවේ ලෝක ප්‍රකට ටජ්මහල නරඹන්නන් සඳහා යළි විවෘත කිරීමට ඉන්දීය බලධාරීන් තීරණය කර තිබේ.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනක පමණ කාලයක් ටජ්මහල ඇතුළු ඉන්දියාවේ සංචාරක ආකර්ෂණයට ලක් වූ ස්ථාන නරඹන්නන් සඳහා වසා දැමීමට පියවර ගෙන තිබුණි.

වෛරස් ව්‍යාප්තියේ අවදානම දිනෙන් දින වර්ධනය වුවද ටජ්මහල ඇතුළු නැරඹුම් ස්ථාන හෙට (06) දිනයේ සිට විවෘත කිරීමට ඉන්දීය බලධාරීන් තීරණයකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් ටජ්මහල නැරඹීම සඳහා දිනකට පැමිණිය හැකි නරඹන්නන් සංඛ්‍යාව 5000කට සීමා කර ඇති අතර මුඛ ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යාම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනිවාර්යය කර තිබේ.

Related posts

බයිඩන් ජාතිය අමතා දුන් ප්‍රතිඥාව

Admin

නවසීලන්ත දකුණු දූපත ආසන්නයේ භූකම්පනයක්

Admin

දුර්ලභ නිල් දියමන්තියක් ඩොලර් මිලියන 43කට වෙන්දේසි වෙයි

Admin

ප්‍රසංගයක් අතරතුර වෙඩි තැබීමකින් 40 දෙනෙකු මරුදකී

Admin

මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය ඇරඹේ…

colombotoday

එතනෝල් ප්‍රවාහන දුම්රියක් ගිනි ගනී

Admin