Colombo Today Local News

නදීමාල් පෙරේරා සහ මධූෂ්ගේ දෙවනි බිරිය නිදහස් වෙයි…!

ඩුබායි හි බන්ධනාගාරයක රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසෙන් මේ වන විට 8 දෙනෙකු නිදහස් කර තිබෙනවා. මෙලෙස නිදහස් කළ පිරිස අතර මාකඳුරේ මධුෂ්ගේ දෙවන බිරිය සහ ගායක අමල් පෙරේරා ගේ පුත්‍රයා වන නදිමාල් පෙරේරාද සිටින බවයි ඩුබායි සිට ලැබෙන නිළ නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඔවුන්ගේ රුධිර සාම්පල් පරික්ෂාවේදී විෂ මත්ද්‍රව්‍ය අන්තර්ගත නොවූ බැවින් ඔවුන් නිදහස් කිරීමට පොලිසිය තීරණය කර ඇති බවයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් දැනට අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ් ඇතුළු 23 දෙනෙක් ගෙන් යුත් පිරිස හෙට (10) දිනයේදී එරට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Related posts

ශ‍්‍රී පාදයේ නම ශීව පාදම් ලෙස වෙනස් කිරීම ආණ්ඩුකාර නියෝගයෙන් අත්හිටුවයි…

colombotoday

කියන්නේ එකක්.. කරන්නේ තව එකක්.. සමාජවාදය විකුණන් කනවා.. හරින් ජවිපෙ පට්ට ගහයි

colombotoday

බැඳුම්කර කොමිසමේ සාක්ෂිකරුවන්ගේ ජීවිත අනතුරේ.. ආරක්ෂාව ඉල්ලුවත් පොලිස්පතිගෙන් ප්‍රතිචාර නෑ

colombotoday

දෙමටගොඩ චමින්දගේ රියදුරු කොණ්ඩ රිස්වාන් අත්අඩංගුවට

colombotoday

පාන් පිටි-ගෑස් නැතිව බේකරි වැහිලා

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යළි වැඩ ආරම්භයි

colombotoday