Colombo Today Local News

දේශීය යාන්ත්‍රණයෙන් “හමුදාවේ වැරදිකරුවන්ට පමණක්“ දඩුවම් දෙනවා – එස්.බී.

sb disanayake

යුද්ධය නිමාවීමෙන් පසු සිදුකරන බවට ජාත්‍යන්තරයට පොරොන්දු වූ දේ ඉටු නොකළ හේතුවෙන් ජාත්‍යන්තරය ශ්‍රී ලංකාව සමග අමනාප වූ බවත්, දරස් වූ බවත් සමාජ සවිබලගැන්වීමේ හා සුභසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.

කිසිවෙකු ස්ත්‍රී දූෂණ ආදී වැරදි කර ඇත්නම් ඊට එරෙහිව කටයුතු කරන බවත්, එසේ නොමැතිනම් රණවිරුවන් බේරාගැනීම අපගේ යුතුකමක් බවත් දිසානායක මහතා සඳහන් කළේය.

අපේම ආණ්ඩුවකට අපේම යාන්ත්‍රණයක් හරහා සෙසු රටවල සහය අරගෙන කටයුතු කිරීම මෙහිදී සිදුවන බව ඔහු කියා සිටියේය.

මේවන විට මෙම යෝජනාව සම්බන්ධයෙන් ඊට එරෙහිව ඇතැමුන් විවිධ ප්‍රකාශ සිදුකරන නමුත් මූලාරම්භයේ එරෙහිවූ ඉන්දියාව පවා මේවන විට තම සහය ලබාදී ඇති බව ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම යෝජනාව සම්බන්ධයෙන් තම විරෝධය පළකර ඇති බැවින් ඒ පිළිබඳ අමාත්‍යවරයා දරනු ලබන්නේ කෙබඳු අදහසක්දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් විමසන ලදුව අමාත්‍යවරයාගේ පිළිතුර වී ඇත්තේ රාජපක්ෂ මහතා එදා දරන ලද්දේද එවැනි විරෝධයක්ම පමණක් බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ මෙම ආකල්පය නිසාම ජාත්‍යන්තරයේ රට හුදකලාවූ බවත්, තනිවූ බවත් අද 8 පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ෆයිසර් මුස්තාපාගේ බිරිදගේ නමටත් ශ්‍රීපාද රක්ෂිතයේ ඉඩම් !

colombotoday

මෙවර අයවැයේ භයානකම යෝජනාව බන්ධුල හෙළිකරයි

colombotoday

එළුග තමිල් – 2 ඇරඹේ.. මහ පිරිසක් සමග විග්නේෂ්වරන් වීදි බසී (Photo)

colombotoday

ඉන්දියාවේ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් 102 අද දිවයිනට

colombotoday

ජනපතිගේ චෝදනාවට ඇලිට් සමාගමෙන් නිවේදනයක්

colombotoday

Breaking News: අද රෑ 10 සිට 30 දින දක්වා ශ්‍රී ලංකාව ලොක් ඩවුන්

colombotoday