Colombo Today Local News

දෙරණ 360 දී බදුර්දීන් අසරණ වෙයි.. අන්තිමේදී ගූගල් සිතියමත් බොරු කියයි (Video)

දෙරණ රූපවාහිණියේ 360 වැඩසටහන ඊයේ (9) දිනයේ සහභාගී වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් එහිදී දැඩි අපසුතාවට ලක්විය. වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීමට අපොහොසත් වූ ඇමතිවරයා විල්පත්තු ප්‍රේරක කළාපයේ කිසිදු වන සංහාරයක් සිදු නොවන බව දිගින් දිගටම කියා සිටියේය.

දැනට නැවත වන විනාශය සිදුවන විල්පත්තු රක්ෂිත මායිමේ මරිච්චිකට්ටු සිට සිලාවතුර දක්වා අතරමැදි ප්‍රදේශයේ ජනාවාස පැවති බවත් යුද්ධය හේතුවෙන් එහි වැසියන් 1990දී එම ප්‍රදේශ හැරගිය බවත් ඇමතිවරයා සදහන් කළේය. 1984 සිට 1990 දක්වා එම ප්‍රදේශයේ චන්ද්‍රිකා සිතියම් පෙන්වා 1990ට පෙර එහි ජනාවාස පැවති බව පෙනේන්නට නෑ නේදැයි විමසීමේදී, එම සිතියම් සත්‍ය ඒවා නොවන්නේ යැයි ඇමතිවරයා අභියෝග කර සිටියේය.

ජනතාව එම ප්‍රදේශ හැරගිය පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රදේශ වන රක්ෂිත ලෙස ගැසට් කර ඇති බවත්, පැවසූ ඇමතිවරයා එම ගැසට් පත්‍රයද පිළිගැනීමට නොහැකි බව සදහන් කළේය.

එම වැඩසටහන සම්පූර්ණයෙන්. පහතින්

Related posts

කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 05දෙනෙකුට කොවිඩ්

colombotoday

මම තනිවෙලා නෑ… ජනතාවගෙන් 90%ක් මා සමගයි – ජනපති

colombotoday

රේගු අධ්‍යක්ෂවරියට රේගු මාෆියාව එක්ක හැප්පෙන්න බැරිවුණා – තනතුරෙන් ඉවත් කිරීමට හේතු මංගල සමරවීර කියයි

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

කොවිඩ් එන්නත ළඟදීම ශ්‍රී ලංකාවටත්

colombotoday

Video: ඩිලාන් පෙරේරාට කන පැලෙන්න ගහන්න හදන ලොකුගේගෙන් කන පලාගත් මරික්කාර්

colombotoday