Colombo Today Local News

දෙමළ-මුස්ලිම් ජනතා සන්ධානයේ සහය ගෝඨාභයට !

ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදෙන බව දෙමළ මුස්ලිම් ජනතා සන්ධානය ඊයේ(21) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහකා සමඟ සාකච්ඡා කළ අවස්ථාවේදී ඔහු විසින් දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන බවට පොරන්දුවක් දුන් බව දෙමළ මුස්ලිම් ජනතා සන්ධානයේ සභාපති  නීතිඥ අබ්දුල් රහීම් මහතා පැවසීය.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභ රාජපක්ෂ මහතා ජනපති වු‍ණොත් මුස්ලිම් ජනතාවගේ ආරක්‍‍ෂාව සම්බන්ධයෙන් සැකයක් බයක් තිබූ බවත් අදාළ සාකච්‍‍ඡාවෙන් පසු එම බය නැති වූ බවත් මුස්ලිම් ජනතා සන්ධානයේ සභාපතිවරයා සඳහන් කළේය.

උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කිරීම සහා පොලිස් බලතල ඊලාම් බලතල සහා උතුරු නැගෙනහිර ඒකාබද්‍ධ කිරීම ගැන මාධ්‍ය වේදීවෙයකු විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් මුස්ලිම් ජනතා සන්ධානයේ සභාපතිවරයා පවසා සිටියේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් විරුද්ධ බවත් පොදුජන පෙරමුණ විසින් උතුරු නැගෙනහිර වැඩිදියු‍ණු කරන බවට පොරොන්දු වූ බවත්ය.

එහිදී අදහස් දක්වමින් රිස්වාන් සාවුදි මවුලවිතුමා මේ බව පැවසීය.

“ආපහු ඉන්නේ රනිල්. ඉන්දියාව, අමෙරිකාව තමයි පිටිපස්සේ ඉන්නේ. ඒක තමයි රනිල්ගේ දේ‍ශපාලනය. රට දියු‍ණු කරන එක ගෝඨාභයලාගේ දේශපාලනය. මුස්ලිම් කොංග්‍රසයේ නායකයා කිව්වා

රනිල් එ.ජා.පෙ නායකයාව ඉන්න තුරු. සහාය වෙන්නේ නැහැ කියලා. අපිට තේර‍නවා ආරක්ෂාව දෙනවා කියලා. අපි ළඟට ගියේ නැහැ. හකීම්ලා රිෂාඩ්ලා නිසා අපි ළඟට ගියේ නැහැ. භය කරලා ඡන්ද ව්‍යාපාර කළේ“

මේ අතර කල්මුණේ මහනගර සභාවේ ස්වාධින මන්ත්‍රීරු 09 දෙනෙකුද මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදෙන බව අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවී සඳහන් කළේය.

Related posts

මුස්ලිම් විවාහ පනතේ භයානක කම මෙන්න

colombotoday

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ පුද්ගලයින් 1,141 අත්අඩංගුවේ

colombotoday

කොරියා තානාපතිනිය රුවන් විජයවර්ධන හමුවෙයි

Admin

(Video) මේක විරුවන් මරුවන් කරන, මරුවන් විරුවන් කරන තුප්පහි ආණ්ඩුවක් – ජයන්ත සමරවීර

colombotoday

මහින්ද – ලසන්ත රහස් සාකච්ඡාවක හඬපටයක් පිටවේ.. රහස් රැසක් එළියට !

colombotoday

රටටම හොරෙන් අගමැති රනිල් ඇමරිකාවත් එක්ක ගහපු ගිවිසුම මෙන්න…

colombotoday