ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
ඔහු කළා යැයි පැවසෙන දූෂිත ක්‍රියාවන් පිළිබඳව ගල්කිස්ස කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විසින් සිදුකළ විමර්ශනයක දී අනාවරණය වීම හේතුවෙන් ඔහුගේ වැඩ තහනම් කළ බව පොලීසිය පැවසීය.