Colombo Today Local News

දුර්ලභ කාසි අලෙවි කිරීමට උත්සාහ කළ 08ක් පැල්මඩුල්ලේදී අල්ලයි

දුර්ලභ පැරණි කාසි 800 කට ආසන්න ප‍්‍රමාණයක් අලෙවි කිරීම සඳහා සූදානම්ව සිටි සැකකරුවන් 08 දෙනෙකු පැල්මඩුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පැල්මඩුල්ල ගණේගම ප‍්‍රදේශයේ සැකකටයුතු ලෙස රැඳී සිටි පිරිසක් සම්බන්ධයෙන් පොලිසිය කළ සොයා බැලීමකදීයි.

අදාළ පුද්ගලයින්ගේ ජංගම දුරකථනවල පුරා විද්‍යා වටිනාකමක් සහිත දුර්ලභ පැරණි කාසිවල ජායාරූප රැසක් තිබූ බවයි පැල්මඩුල්ල පොලිසිය පැවසුවේ. ඒ අනුව, අදාළ දුර්ලභ කාසි ජාවාරමට සම්බන්ධ ව්‍යාපාරිකයා, තැරැව්කරුවන් සිව්දෙනෙකු සහ කාසි මිලදී ගැනීමට පැමිණි බණ්ඩාරවෙල, රත්නපුර සහ වීරවිල යන ප‍්‍රදේශවල පදිංචි පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පැවසුවා.

පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති භාණ්ඩ විකිණීම සහ ඊට අවුල් වීමේ චෝදනාව අනුව ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

කථානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාව ගැන තීරණයක්

Admin

සන්සුන්ව හා සංයමයෙන් කටයුතු කරන්න – ජනපති පුරවැසියන්ගෙන් ඉල්ලයි

colombotoday

ඇමෙරිකාවේ දෙවැනි ශ්‍රී ලාංකිකයාත් මිය යයි

colombotoday

බැසිල්ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක්

colombotoday

ඔරුගොඩවත්ත මංසන්දියෙන් බේස්ලයින් මාර්ගය අවහිර වෙයි

colombotoday

තලතා වෙනුවට කරුණා දිවුරුම් දෙයි

Admin