Colombo Today Local News

දඹුල්ල ආර්ථිකයට වාහන ඇතුළත් කිරීමේදී අයකළ ගාස්තු අහෝසියි

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට වාහන ඇතුළත් කිරීමේදී ලොරි රථ සහ අනෙකුත්  වාහන සඳහා ගොවීන්ගෙන්  ගාස්තු වශයෙන් අයකළ රුපියල් 50 ක මුදල අහෝසි කිරීමට නිලධාරින්ට උපදෙස් දුන් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා ඊයේ (08) පැවසිය.

එසේම මෙතෙක් කාලයක් තිස්සේ ආර්ථික මධ්‍යස්ථානයේ වැසිකිලි සහ කැසිකිලි පාවිච්චි කිරිමේදි අයකළ රුපියල් 20ක මුදලද අය කිරිම වහාම අත්හිටුවිමට උපදෙස් දුන් බවයි.

ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ගොවීන්ගේ නිෂ්පාදන ක්‍රමවත්ව හා නිදහසේ බාධාවකින් තොරව අලෙවි කර ගැනිමට අවශ්‍ය පහසුකම් සපයන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

Related posts

රෑ 9.00ට එන විශ්වාසභංග ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය මෙන්න !

colombotoday

හෝමාගම උසාවියේ තාප්පෙන් පැන්න රාවණා බලයේ හිමිනමක් – අත්අඩංගුවට ගැනීමට පොලීස් පරීක්ෂණ

colombotoday

අගමැති ජෝන්ගේ පෙති ගහල වගේ, චන්ඩියා වෙලා.. ජනපති අනුන්ගේ ළමයින්ට උප්පැන්න ලියනවා

colombotoday

ගල්කිස්ස අධිකරණය තුළ වෙඩි තැබීමක්…

colombotoday

අගමැති රනිල් ඉදිරියේදී ඉවත්වේ.. ධුරය වෙනත් අයෙකුට පිරිනැමේ…

colombotoday

දකුණේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday