Colombo Today Local News

තිත් මුවා මැරූ දඩයක්කරුගේ දඩුවම

පොළොන්නරුව, ත්‍රිකෝණමඩුව රජයේ රක්ෂිත වනාන්තරයට අනවසරයෙන් ඇතුළු වී එහි ගැවසෙමින් සිටි තිත් මුවෙකු මරා එම මුවාගේ මස් කිලෝ 3 ක් තම බාරයේ තබා ගත් බවට අධිකරණය හමුවේ චෝදනා ලැබූ පුද්ගලයෙකුට මාස තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.

පොළොන්නරුව මහෙස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා විසින් ඊයේ (09)දින මෙම නියෝගය නිකුත් කර ඇත.

ඊට අමතරව විත්තිකරුට මුදලින් රුපියල් 70,000ක දඩ මුදලක් ගෙවන ලෙසටද නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එම දඩ මුදල නොගවන්නේ නම්, ඔහුට තවත් මාස තුනක සිරදඬුවමක් නියම කළේය.

පොළොන්නරුව, වැලිකන්ද කුඩා පොකුණ, ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස වරදකරු වී තිබේ.

සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ මෙම විත්තිකරුට එරෙහිව පොළොන්නරුව වනජීවි කලාප කාර්යාලය මඟින් එම නඩුව පවරා තිබුණි.

‍පොළොන්නරුව, වනජීවි කලාපය බාර වනජීවි සහකාර අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්න මහතාගේ මෙහෙයවීම මත වනජීවි අඩවි ආරක්ෂක ඩබ්.එම්.කේ විජේකෝන් මහතා සමග වනජීවි නිලධාරීන් කණ්ඩායමක් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Related posts

ජනපතිගේ චෝදනාවට ඇලිට් සමාගමෙන් නිවේදනයක්

colombotoday

ශ්‍රීලනිපයෙන් කොළඹට අසාද් සාලි !

colombotoday

පාලමෙන් කැළණි ගඟට වැටුණු සැරයන් අතුරුදන්

Admin

සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත අද සිට බලාත්මකයි

colombotoday

මංතීරු නිතීය අද සිට යළි ක්‍රියාත්මකයි

colombotoday

STF අත්අඩංගුවට ගත් විෂ යෙදු කසළ තේ, ජාවාරම් කරුටම දීලා. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගෙන් කැකිල්ලේ තීන්දුවක්

colombotoday