Colombo Today Local News

ත්‍රිපිටකාභිවන්දනා ජාතික මහෝත්සවය අද…

ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කරන ලෙසට ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කරන යෝජනාව ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජාතික පුන්‍ය මහෝත්ස්වය අද පැවැත්වෙනවා.

ඒ, අද පස්වරු දෙකට මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවේදීයි.

මහා සංඝරත්නයේ ප්‍රදානත්වයෙන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

ත්‍රිපිටකය යුනෙස්කෝ ලෝක උරුම ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන තාක්ෂණික ක්‍රියාවලිය වෙනුවෙන් විද්වත් කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පසුගියදා පියවර ගත්තා.

රජය විසින් මේ නිමිත්තෙන් පසුගිය 16 වනදා සිට අද දක්වා කාලය තුළ ත්‍රිපිටකාභිනන්දන සතිය නමින් දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද කටයුතු කළා.

එම සතිය තුළ පළාත් සහ දිස්ත්‍රික්ක මට්ටමින් විවිධ බෞද්ධ වැඩසටහන් සහ උත්සව පැවැත්වීමටයි පියවර ගෙන තිබුණේ.

Related posts

ජයලලිතා වෙනුවෙන් උතුරු පළාත් සභාවත් කල් තබයි.. පාර්ලිමේන්තුවේදීත් ශෝකය පළකරයි

colombotoday

සොර කමකට නාගරික මන්ත්‍රීවරු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

නියමිත කාලසීමාව තුළ කළු දුම පිටවීම නිවැරදි කර නොගන්නා වාහන අසාදු ලේඛන ගත කරයි

Admin

මන්ත්‍රී වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට

Admin

රාජිතගේ තවත් කෙරුවාවක් එළියට ! (Video)

colombotoday

හිමිනමක් සමඟ නිදන් හොරකම ගිය 7ක් බඩුත් එක්ක මාට්ටු.

Admin