Colombo Today Local News

තමිල්නාඩුවේ ඥාතීන්ට උතුරෙන් යැවූ ගංවතුර ආධාර ඉන්දියාව එපා කියයි.. මුරලිගේ සංගාගේ ආධාරත් වැට උඩ

තමිල්නාඩුවේ හටගත් ගංවතුරෙන් පීඩාවටපත් ජනතාව වෙත යැවීම සදහා උතුරු පළාත් සභාව සහ යාපනේ තවත් සංවිධාන ගණනාවක් විසින් මුදල් සහ ද්‍රව්‍යමය ආධාර සූදානම් කර තිබුණත් ඒවා භාර ගැනීම ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

තමිල්නාඩුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විදේශීය ආධාර භාර නොගැනීමට ඉන්දීය මධ්‍යම රජය විසින් තීරණය කර ඇති අතර එම තීරණයට අනුව මෙම ආධාර භාරගත ‍නොහැකි බව යාපනයේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය උතුරු පළාත් සභාවට දැනුම් දී ඇතැයි උතුරේ ආරංචි මාර්ග සදහන් කරයි.

උතුරු පළාත් සභාව සහ තවත් රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් විසින් ‘තමිල්නාඩුවේ අසරණ වූ අපගේ ඥාතීන් වෙනුවෙන්’ යැයි කියමින් ආධාර එකතුකිරීමේ මධ්‍යස්ථාන යාපනයේ ප්‍රදේශ කිහිපයක අරඹා තිබුණු අතර උතුරේ ජනතාව විසින් ද්‍රව්‍යමය සහ මුදල් විශාල ලෙස ලබා දී ඇත.

තමිල්නාඩු ප්‍රාන්ත රජය සමග හොදහිත වර්ධනය කරගැනීමේ අරමුණෙන් උතුරු පළාත් සභාව සහ රාජ්‍ය නොවන සංවිධාන මෙසේ ආධාර එකතු කළද ඉන්දීය මධ්‍යම රජයේ අණ ඉක්මවා යෑමට ප්‍රාන්ත ආණ්ඩුවලට හැකියාවක් නොමැති තත්ත්වය යටතේ මෙම ආධාර ඉන්දියාවට යැවීම ඇනහිට තිබෙන බවද දැනගන්නට ලැබී තිබේ.

මේ අතර හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඉන්දීය රුපියල් කෝටියක් තමිල්නාඩු ගංවතුරෙන් පීඩාවට පත් වූවන් සදහා පරිත්‍යාග කිරීමට යන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුණු අතර හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරද මේ සදහා මුදල් ආධාර පරිත්‍යාග කිරීමට සූදානම් වන බව එම වාර්තාවල සදහන් විය. එහෙත් මෙම තත්ත්වය යටතේ එම ආධාරද ඉන්දියාවට බාරදීම ප්‍රශ්නයක් වනු ඇති බවයි උතුරේ ආරංචි මාර්ග පවසන්නේ.

Related posts

අප්‍රේල් පඩි ගෙවන්න සල්ලි නෑ.. ආණ්ඩුව කෝටි හයදාහක් අච්චු ගහලා !

colombotoday

ඉස්ලාම් අන්තවාදයට ගොදුරු වූ මුහුදු මහා විහාරය, ඉතිහාසයේ අවසානය අතළගයි !

colombotoday

අර්බුදය හමුවේ බංග්ලාදේශයෙන් ලංකාවට අර්තාපල්

colombotoday

පාලන මිල ඉක්මවා සහල් – සීනි අලෙවි කල හතරකට නඩු

colombotoday

ඇඳිරි නිතිය ඉවත් කෙරුණත් නිරෝධායන ක්‍රියාවලිය දැඩිව නිරීක්ෂණය කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි

Admin