Colombo Today Local News

ඩීල් නැතුව රාජපක්ෂවරුන්ට විරුද්ධව සටන් කරන්න කොන්ද පණ තිබුණ නායකයා සජිත්..එන ඡන්දයෙන් දිනා සජිත් අගමැති කරවනවා 2025දී ජනාධිපති කරවනවා..

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධූරයට පත් කරමින් ආණ්ඩු බලය ලබා ලන්නා බවත් එම සටන අවසන් කරන්නේ 2025 දී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත් කරමින් බවද සමගි ජන බලවේගය අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ගාල්ලේ දී පැවති ජන හමුවක් අමතමිනි.

එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

ගැසට් ගහලා සැමන් පරිප්පු මිල අඩු කරපු විරුවාට ටික දවසකින් මිල වැඩි කළා. හාල් මාෆියාවට යටවුනා. අපේ පාක්ෂිකයින්ට ආණ්ඩුවක් ලබාගනිපු කිසිම අවස්ථාවකදී වැඩක් කරන්න ලැබුණේ නෑ. රස්සාවක් ලබාදෙන්න හැකියාවක් ලැබුණේ නෑ. උඩ ඉන්න අය විතරක් ඩීල් දාගෙන තමන්ගේ වැඩ ටික විතරක් කරගත්තා.

හොරු අල්ලන්නම් කියලා ආපු අය හොරු ආරක්ෂා කළා. හොරු ආරක්ෂා කළේ ඩීල් දේශපාලනය කරන අයයි. හැබැයි අවසානයේදී ගමේ සිටින පාක්ෂිකයා පීඩනයට පත්වුනා. පාක්ෂිකයාගේ පීඩනයට විසදුම් දෙන්නේ කවුද?

ඩීල් දේශපාලනය පැත්තකට දාලා රාජපක්ෂවරුන්ට විරුද්ධවට සටන් කිරීමට කොන්ද පණ තිබුණ එකම නායකයා සජිත් ප්‍රේමදාසයි. ඒ නිසා තමයි අපි එතුමා සමග එකතු වුනේ. පාක්ෂිකයා ආරක්ෂා කිරීමට ඇති එකම බලවේගය තමයි සමගි ජන බලවේගයයි. ගාල්ල ආසනය ඩීල් දේශපාලනයට නම ගිය ආසනයක්.

එදා දින පනස් දෙකේ ආණ්ඩුව අපි පරාජයට පත් කළ නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මටයි, සරත් ෆොන්සේකා මැතිතුමාටයි ඇමැතිූධරය ලබාදුන්නේ නෑ. සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපේක්ෂකත්වය ලබාදීමේ සටන අපි බදුල්ලෙන් ආරම්භ කළා.

අපිට අවසන් කළ නොහැකිවූ නොනිමි මෙහෙවර අවසන් කරන්නේ දෙදහස් විස්සේදී පාර්ලිමේන්තු බලය අරගෙන, දෙදහස් විසි පහේදී ජනාධිපතිධූරය ලබාගෙද දීර්ඝ කාලීන ප්‍රේමදාස යුගයක් ආරම්භ කරමින්.

මෙම අවස්ථාවට ගාල්ල මැතිවරණ කොට්ඨාශයේ පාක්ෂිකයින් හා මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ද එක්ව සිටියහ.

Related posts

රන් මාලයක් කඩා පළා ගිය කොල්ලකරුට එලොව යන දඩුවමක්

Admin

හෙට සිට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

colombotoday

Breaking News: රන්ජන් අත්අඩංගුවට

colombotoday

‘දැන් නම් රනිල් – මෛත්‍රීට ඡන්දයකින් දිනනවා තියා හිතන්නවත් බෑ‘ – ආචාර්ය නිර්මාල්

colombotoday

ජාතික ආණ්ඩුව තවදුරටත් පවතින බව පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday

විල්පත්තුවේ ජාතිවාදී ජනපදකරණයට වන රක්ෂිත ඉඩම් පවරාගත් හැටි මෙන්න !

colombotoday