Colombo Today Local News

ටිපර් රථයට යට වුණු තවත් පොලිස් නිළධාරියෙක් මිය යයි

මාතර, හක්මන ප්‍රදේශයේ මාර්ග බාධකය දී පොලිස් නිලධාරින් පිරිසක් ටිපර් රථයකින් අනතුරට ලක් කිරීමේ සිද්ධියෙන් තුවාල ලබා සිටි තවත් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (20)දින අළුයම අදාළ පොලිස් නිලධාරිවරයා මියගොස් ඇති බව පොලිස් මාධ්‍යම කොට්ඨාසය සඳහන් කළේය.

පසුගිය ජුලි 13 වන දින රාත්‍රී මාතර හක්මන මාර්ගයේ කොක්ගල ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් පිරිසක් අනතුරට ලක් කර පලායෑමේ සිදුවිමක් වාර්තා විය.

එහිදී එක් පොලිස් කොස්තාපල්වරයෙකු එම ස්ථානයේ දී මියගිය අතර තවත් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු තුවාල ලැබීය.

එලෙස තුවාල ලබා සිටි 47 හැවිරිදි හක්මන පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු මෙලෙස මියගොස් තිබේ.

අදාළ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටිපර් රථයේ රියදුරු මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අතර ඊට අදාළ නඩුව අද මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

Related posts

වැලිකඩ බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරුවෙක් යලි අත්අඩංගුවේ..

colombotoday

ආගමට මුවාවී ආණ්ඩුවට ගැහුවොත් වැඩ වරදී ! අගමැති මාධ්‍යට රතුඑළි දල්වයි

colombotoday

වන අලියෙකුට වෙඩි තබා ඝාතනය කරලා

Admin

දෙවැනි එක්දින තරගයේ ජය පාකිස්තානයට

colombotoday

මිල්කෝ සේවකයින් 13දෙනාට ඇප

Admin

සමාජ මාධ්‍ය, වෙබ් අඩවි ඔස්සේ අසත්‍ය හා අපහාසාත්මක තොරතුරු පළකලොත් වැඩ වරදී – කැබිනට් තීරණය මෙන්න

colombotoday