ISIS ත්‍රස්තයින්ට එළව එළවා පහරදෙන, ලෝක මහ බලවතා කියාගන්නා ඇමරිකාවටත් තරවටු කරන රුසියානු ජනාධිපති පූටින් ට මේ වන විට ලොවපුරා අවධානය යොමු වෙලා. මේ සියල්ල අතර රුසියානු ජනපති පූටීන්ගේ සමීපතම මිතුරියක් ගැනත් වැඩිපුර කතා බහ වෙන්න පටන් අරන්. ඒ “කෝනී“ නම් සුරතල් බැල්ලයි.
අනෙක් රාජ්‍ය නායකයින් මෙන් ලොව පුටින් තම සුරතලියට දැඩි ලැදියාවකින් සිට ඇති අතර තමන් යන සෑම ස්ථානයකටම ඇයව රැගෙන යන්නට ඔහු කටයුතු කර තිබෙනවා. ඇතැම් අවස්ථාවලදී මාධ්‍ය සාකච්ඡා අතරතුරු පවා බැල්ල ආගන්තුකයෙකු ලෙසින් පැමිණ වැඩ සියල්ල වෙනතකට හරවන බවත් පසුව පුටින් විසින් තම සුරතලියව දැඩි ආදරයෙන් එම ස්ථානයෙන් ඉවත්කරන්නට කටයුතු කරන බවත් සඳහන්.
එමෙන්ම මෙම බැල්ලට විශේෂ ආරක්ෂාවක් සැලසීමට පුටින් කටයුතු කර ඇති අතර ඒ වෙනුවෙන් ඇයගේ කරේ GPS තාක්ෂණය සහිත පටියක්ද සවිකර තිබුණු බවට වාර්තා වුණා.
තවද විශේෂ පුහුණුවක් ලද මෙම බැල්ල හදිසි අවස්ථාවලදී සැනකින් ක්‍රියාකරන අතර රහස් පරීක්ෂණ කටයුතුවලදීද ඒ වෙනුවෙන් සහය වී ඇති බවයි පැවසෙන්නේ.කෙසේ නමුත් සැපපහසුකම් මැද ආඩම්බරකාරී දිවියක් ගෙවූ කොනී පසුගිය 2014 වසරේ පෙබරවාරී මස ලොවින් සමුගෙන ඇති අතර එම අවස්ථාව පුටින්ටද ඉතාමත් සෝචනීය අවස්ථාවක් වූ බවට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.