ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන ජිනීවාහි එල්.ටී.ටී.ඊ.හිතවාදීන්ට එරට ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් විසින් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා ඇති බව ජගත් දේශප්‍රේමී ලාංකීය සංසදය අද(24) අනාවරණ කළේය.
මේ බව ප්‍රකාශ කෙරුණේ ජීනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව ශ්‍රී ලංකාව වෙනුවෙන් එම සංසදය ගත් ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද (24) එරටදී පැවැත්වූ මාධ්‍ය හමුවේදියි.
මේ ගැන තානාපති කාර්යාලයේ නිලධාරියකුගෙන් විමසු විට ඔහු ප්‍රකශ කළේ ලංකාවේ ප්‍රශ්නය විසදීමට රජය ගෙන යන වැඩපිළිවෙලේ කොටසක් ලෙස සංහිඳියාව වර්ධනය කිරීමට මේ ආකාරයේ වැඩසටහන්වල නියැලෙන ලෙස තමන්ට කොළඹින් උපදෙස් ලැබී ඇති බවයි.
ශ්‍රී ලංකා තානාපතිගේ මෙම ක්‍රියා කලාපය ගැන යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත.
[fbvideo link=”https://www.facebook.com/jayasumanachanna/videos/2230992497225482/” width=”500″ height=”400″ onlyvideo=”1″]