Colombo Today Local News

ජිනීවා පරීක්ෂණයේදී ලංකාවට බැට දෙන හැටි කියන්න නවනීදන් පිල්ලේ දෙමළ ඩයස්පොරාව කැදවයි, TNA 3 කුත් හොරෙන්ම ගිහින්

dtf pilleශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමිසම නිර්දේශ කළ පරීක්ෂණයේදී ක්‍රියා කළ යුත්තේ කෙසේදැයි සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ විසින් විශේෂ වැඩමුළුවක් සංවිධානය කර ඇත. මෙම වැඩමුළුව (7,8) යන දින දෙකේදී දකුණු අප්‍රිකාවේ ඩර්බන් හිදී පැවැත්වෙන අතර ඒ සදහා සහභාගී වීමට ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීන්වන ආනන්දි ශෂිදරන්, එම්.කේ. සිවාජිලිංගම් හා සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යන අය පසුගිය 4 වනදා කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

මෙම ගමන සදහා මොවුන්ට අනුග්‍රහය දක්වා ඇත්තේ නවනීතන් පිල්ලේට අයත් ජාත්‍යන්තතර රාජ්‍ය නොවන සංවිධානයකිනි. නෝර්වේ, කැනඩාව, හා යුරෝපා සංගමයේ රටවල වෙසෙන දෙමළ ඩයස්පොරාවේ සාමාජිකයන් හා ලොව විවිධ රටවල පාර්ලිමේන්තු සහ සෙනට් සභික දෙමළ දේශපාලන නියෝජිතයන් පිරිසක්ද මේ සදහා සහභාගි වන බව වාර්තා වේ. ජිනීවා සමුළුව විසින් නිර්දේශ කළ ඇමරිකානු යෝජනාවලිය මගින් මෙරටට විරුද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ජාත්‍යන්තර යුධ අපරාධ පරීක්ෂණය තරමක් දුරට සැර බාල වී ඇති බැවින් පැවැත්වීමට සූදානම් වන අභ්‍යන්තර ක්‍රියාවලියට උපරිම බලපෑම සහ මැදිත්වීම කරන්නේ කෙසේදැයි යන්න මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වි ඇති බව එම ආරංචි මාර්ග සදහන් කරයි.

මේ පිළිබදව කළ විමසීමක දී උතුරු පළාත් සභාවේ සභාපති කේ සිවඥාණම් ප්‍රකාශ කර ඇත්තේ සිවාජිලිංගම් හා ශෂිදරන් යන මන්ත්‍රීවරුන් පෞද්ගලික කාරණයක් සදහා යැයි පවසා පළාත් සභාවෙන් දින දහයක පමණ නිවාඩු අනුමත කරගෙන ඇති බවයි. වැඩමුළුවකට හෝ සම්මන්ත්‍රණයකට සහභාගී වීමට මොවුන් විදෙස්ගත වී ඇති බවත්, ඒ දකුණු අප්‍රිකාවට විය හැකි බවත් ශිවඥාණම් වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

Related posts

මෙරට පුරාවස්තු මංකොල්ල කන්නේ සිංහල බෞද්ධයෝ.. දෙමළ-මුස්ලිම් මිනිස්සු පුරාවස්තු මංකොල්ල කන්නෙ නෑ- JVP

colombotoday

යුද හමුදාපතිට එරෙහිව ඇමරිකාවට තොරතුරු දී ඇත්තේ මංගල, චන්ද්‍රිකා !

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුළු තිදෙනෙකුට රටින් පිට වීම වළක්වමින් අධිකරණ නියෝගයක්

colombotoday

සිරගත කරගෙන සිටින සියළුම බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කරන්න – අස්ගිරි පාර්ශවය රජයෙන් ඉල්ලයි

colombotoday

අනුරාධපුර අවන්ති දේවි ළමා නිවාසයේ පාළිකාව අත්අඩංගුවට

colombotoday

UNP ආණ්ඩුවක් ආවම කාර් එකෙන් යන්න හිටපු නංගිට දැන් වෙලා තියන දේ මහින්ද කියයි

colombotoday