Colombo Today Local News

ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියේ යෝජනාවලිය ජනපතිට පිළිගන්වයි !

ජාතික වෙළෙඳ  ප්‍රතිපත්තියක් සඳහා වූ  යෝජනාවලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම ඊයේ (03) පස්වරුවේ කොළඹ 07, විද්වත් වෘත්තිකයන්ගේ සංගම් මධ්‍යස්ථානයේ දි  සිදු විය.

අන්තර්ජාතික වෙළෙදාම සඳහා ජාතික වෙළෙඳ  ප්‍රතිපත්තියක්  සම්පාදනය කිරීමේ අවශ්‍යතාව කලක සිට සංවාදයට ලක් විය. ඒ වෙනුවෙන් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් මහජන කොමිසමක් පත් කරනු ලැබීය. කොමිසම වෙත විවිධ පාර්ශ්වයන් ලබාදුන් අදහස්වල සාරාංශය යෝජනාවලියට ඇතුළත්ය. වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූයේ ය.

“නෛතික නිදහසින් වසර 72කට පසු ප්‍රතිපත්ති සම්පාදනය තුළින් සැබෑ නිදහසක් කරා”යන තේමාව යටතේ පැවති ප්‍රදර්ශනය නැරඹීමටද ජනාධිපතිතුමා එක්විය.

මෙවන් ප්‍රතිපත්තියක් මෙතෙක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ආණ්ඩු මාරුවිමේ දී ආර්ථික ප්‍රතිපත්ති ද විවිධ වෙනස්කම්වලට ලක් වේ. එය රටේ ස්ථාවරත්වයට සහ දියුණුවට යහපත් තත්ත්වයක් නොවන බව ද මෙහිදී අවධාරණය කෙරිණ.

සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ  වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

රජය හා පොලිසිය ගැන ජනතාවගේ විශ්වාසය සීග්‍රයෙන් ඉහළ යනවා – ඇමති සාගල

colombotoday

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග නිදහස්

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 07වනදා යළි ඇරේ

colombotoday

ශ්‍රීපාදස්ථානය බහුතර සිංහල පාලන ප්‍රදේශයෙන් වෙන් කරයි.. තවත් ජාතිවාදී ඡන්ද පොරොන්දුවක් ඉටුවේ !

colombotoday

රජයේ සේවකයෝ 60%ක් පැය8න් පැය 2ක් ෆෝන් එකේලු.. රාජ්‍ය ‍සේවය පල්ලම් බහින්න ඒකත් හේතුවක්!

colombotoday

ජර්මනියේ සිටි ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

colombotoday